මෙවර පාර්ලිමේන්තුවට විවිධ වෘත්තිකයින් යැවීමට ජනතාව කටයුතු කර තිබේ.පසුගිය මහ මැතිවරණ වලට වඩා මෙවර එම තත්ත්වය කැපී පෙනෙන ලෙස වැඩි වී තිබේ.ඒ අනුව මෙවර මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්,වෛද්‍යවරුන් නීතීඥයින්, ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක වෘතිකයන් ඊට ඇතුළත් වෙයි.ඒ අනුව මෙවර පාර්ලිමේන්තුව සඳහා වෛද්‍යවරුන් 18 දෙනෙකු තේරීපත් වීම විශේෂත්වයකි.






















