Friday, September 4, 2026
HomeNEWSLatest Newsජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ අතර මතගැටුමක් ?

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ අතර මතගැටුමක් ?

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ අතර මතගැටුමක් ?

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අගෝස්තු 12 වැනිදා මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ මගුල් මඩුවේ දී දිවුරුම්දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

එම අමාත්‍ය මණ්ඩලය කැබිනට් අමාත්‍යවරුන් 26කට සීමා කෙරෙන බව වාර්තා වේ.

මේ අතර, අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව නම් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

09 වන පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (08) රාත්‍රී නිකුත් කෙරුණි.

ඒ අනුව, එක් එක් දිස්ත්‍රික්කවලින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තේරී පත්වුණු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසම විසින් අදාළ ගැසට් නිවේදනයට ඇතුළත් කර තිබේ.

මෙවර මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වූ මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාද මන්ත්‍රීවරයෙක් ලෙසට නම් කරමින් මෙම ගැසට් නිවේදනයට ඇතුලත් කර තිබීමද විශේෂත්වයකි.

එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇත. 

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර කඩිනමින් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් පොරොන්දු වූ ආකාරයට සමගි ජන බලවේගය තම පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ලබා නොදෙන්නේ නම්, රාවුෆ් හකීම් මහතාගේ රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ තමාගේ පක්ෂයේ මන්ත්‍රිවරු 15 දෙනෙකු සමග ස්වාධීන වන බව මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ  නිසි තීරණය ගැනීම සඳහා සමගි ජන බලවේගයට හෙට (10) දක්වා කල් ලබා දෙන බවය.

මහ මැතිවරණයෙන් කිසිදු ආසනයක් එක්සත් ජාතික පක්ෂයට හිමි නොවූවත් ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් හිමිවන මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් හෙට දින සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img