කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව LPL තරගාවලියේ අද තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 69ක් රැස්කරගැනීමට සමත්විය.
ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.
Dominic Drakes සහ Jeffrey Vandersay එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කලම්බු කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 128ක් පමණි.
එහිදී Dominic Drakes ලකුණු 38ක් රැස්කළ අතර නිශාන් මදුශංක ලකුණු 35ක් රැස්කළේය.
තිසර පෙරේරා සහ Shoaib Malik කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූ අතර Zaman Khan, අසිත ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, සුමින්ද ලක්ෂාන් එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
ජැෆ්නා පිතිකරුවන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 131ක් රැස්කරමින් ජයග්‍රාහී සීමාව පසුකර ගියේය.






















