Saturday, November 7, 2026
HomeNEWSරටම කැලඹුණු හංවැල්ල ඝාතනයේ අලුත්ම කතාව

රටම කැලඹුණු හංවැල්ල ඝාතනයේ අලුත්ම කතාව

හංවැල්ල ආපන ශාලාවක හිමිකරුවෙකු ඝාතනය කිරීමට යොදාගත් යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අදාළ යතුරුපැදිය හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ අතුරුමාර්ගයක දමා ගොස් තිබියදී මෙලෙස පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඝාතකයන් විසින් යතුරුපැදිය නතරකර ඇති ස්ථානය අවට මිරිස් කුඩු ඉස පලාගගොස් ඇති බවට තොරතුරු වාර්තාවෙයි.

මේ අතර පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම යතුරුපැදියේ චැසි අංක සහ එන්ජින් අංක මකා දමා ඇති බවය.

පොලීසිය විසින් යතුරුපැදිය සොයාගන්නා අවස්ථාවේ එහි අංක තහඩුද තිබී නොමැත.

ඝාතනයට ලක්වූ වෙළෙඳසැලේ හිමිකරුගේ සොහොයුරාට මීට පෙර කිසියම් පිරිසක් විසින් කපාකොටා තුවාල සිදුකර තිබේ.

එම අපරාධයට සම්බන්ධ වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා විසින් පොලීසියට සහාය ලබාදීම හේතුවෙන් ඔහුට මෙම වෙඩි ප්‍රහාරයට එල්ලවන්නට ඇති බවට සැකපළකරයි.

මේ අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා හංවැල්ල පොලිස් ස්ථානයේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙක් බවටද තොරතුරු වාර්තාවෙයි.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලීසියට අමතරව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img