ජෝන් අමරතුංග එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අපේක්ෂාවෙන්.
එක්සත් ජාතික පක්ෂයට හිමි එකම එක පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන බවද වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ලේඛනයේ මුලින්ම තිබෙන්නේ ජෝන් අමරතුංග මහතා ගේ නමයි. ඔහු දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජනතා නියෝජිතයෙකි. මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති අතර එහිදී අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වේ. නමුත් ලබන සදුදා මේ සම්බන්ධයෙන් අවසන් තියෙන ගැනීමට නියමිත බව රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේ තමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අපේක්ෂාවෙන් සිටින බවයි. තමා ගේ නම ලබන සතියේ දී එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොමිසමට යවනු ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.






















