Sunday, October 25, 2026
HomeNEWSLatest Newsජෝන් අමරතුංග එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අපේක්ෂාවෙන්.

ජෝන් අමරතුංග එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අපේක්ෂාවෙන්.

ජෝන් අමරතුංග එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අපේක්ෂාවෙන්.

එක්සත් ජාතික පක්ෂයට හිමි එකම එක පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන බවද වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ලේඛනයේ මුලින්ම තිබෙන්නේ ජෝන් අමරතුංග මහතා ගේ නමයි. ඔහු දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජනතා නියෝජිතයෙකි. මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති අතර එහිදී අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වේ. නමුත් ලබන සදුදා මේ සම්බන්ධයෙන් අවසන් තියෙන ගැනීමට නියමිත බව රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේ තමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අපේක්ෂාවෙන් සිටින බවයි. තමා ගේ නම ලබන සතියේ දී එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොමිසමට යවනු ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img