නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම 14 වෙනිදා මඟුල් මඩුවේ දී…. කැබිනට් මණ්ඩලය 26යි. නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම්දීම දාහතර වෙනි දා පෙරවරුවේ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දී සිදුකිරීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙනු ඇති. කැබිනට් මණ්ඩලයට තිස් දෙනෙකු නම් කළ හැකි වුවද එය විසි හයකට සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මීට අමතරව කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 40කුද දිවුරුම් දීමට නියමිතයි. අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙම දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමට නියමිතයි.























