Sunday, October 25, 2026
HomeNEWSLatest Newsඩුබායි හි සැඟව සිටින උදාර සම්පත්ට වරෙන්තු නිකුත් කෙරේ

ඩුබායි හි සැඟව සිටින උදාර සම්පත්ට වරෙන්තු නිකුත් කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන උදාර සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්කුඩු තොග ජාවාරම් කළේ යැයි කියන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනෙකුට එරෙහිව ඉදිරිපත්කර තිබෙන නඩු කටයුත්තේ 14 වන සැකකරු ලෙස නම් කර ඇත්තේ ඔහුය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩු කරයේ 14 වන සැකකරු ලෙස නම් කරනු ලැබ සිටින උදාර සම්පත් නමැත්තා මේ වන විට ඩුබායි හි වාසය කරන අතර ඔහු ලංකාවෙන් පිටව ගිය ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදුකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.

මෙම සැකකරු ශ්‍රී ලංකාවේ සන්නිවේදන ආයතනයකින් ජංගම දුරකථන සිම්කාඩ් පත් 55 ක් ලබාගෙන විශාල ජාලයක් සකස් කර මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් අද පෙරවරුවේ අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම විමර්ශනය වලට පාදක වන බැංකු ගිණුම් කීපයක් පරික්ෂා කර වාර්තා කැඳවීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img