Friday, September 4, 2026
HomeNEWSLatest Newsඩුබායි හි සැඟව සිටින උදාර සම්පත්ට වරෙන්තු නිකුත් කෙරේ

ඩුබායි හි සැඟව සිටින උදාර සම්පත්ට වරෙන්තු නිකුත් කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන උදාර සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්කුඩු තොග ජාවාරම් කළේ යැයි කියන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනෙකුට එරෙහිව ඉදිරිපත්කර තිබෙන නඩු කටයුත්තේ 14 වන සැකකරු ලෙස නම් කර ඇත්තේ ඔහුය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩු කරයේ 14 වන සැකකරු ලෙස නම් කරනු ලැබ සිටින උදාර සම්පත් නමැත්තා මේ වන විට ඩුබායි හි වාසය කරන අතර ඔහු ලංකාවෙන් පිටව ගිය ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදුකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.

මෙම සැකකරු ශ්‍රී ලංකාවේ සන්නිවේදන ආයතනයකින් ජංගම දුරකථන සිම්කාඩ් පත් 55 ක් ලබාගෙන විශාල ජාලයක් සකස් කර මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් අද පෙරවරුවේ අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම විමර්ශනය වලට පාදක වන බැංකු ගිණුම් කීපයක් පරික්ෂා කර වාර්තා කැඳවීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img