තම්බපණ්ණි Wedding fair 2023, 10 වන දිග හැරුම වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීම දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09/01) උදෑසන ගාල්ල නගර ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
තම්බපණ්ණි ප්‍රදර්ශනය දින දෙකක් පුරාවට ගාල්ල නගරශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර ඒ සදහා සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කර සිටිනු ලබන අතර, ප්‍රදර්ශනය සංවිධානය කරනු ලැබුවේ ගාල්ලේ තම්බපණ්නි කණ්ඩායම් තරුණ තරැණියන් විසිනි.
මෙහිදී ගරු ආණ්ඩුකාරතුමා වෙළඳ ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි වෙත ගොස් එහි හිමිකරුවන් සමග සුහද කථාබහක නිරතවිය.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභා හිටපු ගරු මන්ත්‍රී චානක මාදුගොඩ මැතිතුමා, උණවටුන අරලිය හෝටලයේ විධායක අධ්‍යක්ෂක, ප්‍රධාන කළමනාකරු කුමාරසේන සිරිසේන මහතා, උණවටුන අරලිය හෝටලයේ සාමාන්‍යාධිකාරී කළුගල මහතා, තම්බපණ්නි කණ්ඩායමේ සාමාජිකයන්, දේශමාන්‍ය අසංක චන්ද්‍රසේකර මහතා සහ විවාහ මංගල්‍යය ක්ෂේත්රයට අදාළ ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.






















