තවත් කොවිඩ් ආසාදිතයින් 85ක්
තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 85 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි.
ඔවුන් පෑලියගොඩ මත්ස්ය වෙළෙඳපොළ සහ ධීවර වරායන්හි අසාදිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින්ගේ අශ්රිතයින් බව ඔහු පැවසීය.
ඒ අනුව මේ දක්වා අද දිනයේ මෙරටදී හඳුනාගත් රෝගී පුද්ගලයින් ගණන 352කි.
පසුගිය ජනවාරි මාසයේ සිට මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 7,872කි. ඉන් 4,054 දෙනෙක් රෝහල්ගතව ප්රතිකාර ලබති.
සුවවී නිවෙස්කරා ගොස් ඇති ආසාදිතයින් ගණන 3,803කි.






















