Thursday, September 10, 2026
HomeNEWSතවත් මහාපරිමාණ වංචාවක්

තවත් මහාපරිමාණ වංචාවක්

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ඉන්දියන් වීසා ආයතනයේ අනුශාඛාවක් මහනුවර පොලිස් වසමේ ගොපල්ලව මාවත ප්‍රදේශයේ පිහිටා ඇති අතර එම ආයතනයේ තොරතුරු සඳහන් කර වෙබ් අඩවියක් අදාළ සැකකරු විසින් සකසා ඇත.

එමගින් ව්‍යාජ හා වංචා සහගත ලෙස පුද්ගලයන්ගෙන් කලක සිට වීසා නිකුත් කිරීම සඳහා මුදල් ලබාගන්නා ලද සැකකරු මාර්තු 28 වනදා සවස් කාලයේ දී වත්තේගම ප්‍රදේශයේ දී ලැප්ටොප් යන්ත්‍රය සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වූ පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අන්අයෙකු ලෙස පෙනීසිටීම, වංචා කිරීම, බුද්ධිමය දේපළ පනත යටතේ සිදුකර ඇති වැරදි හා පරිගණක අපරාධ පනතේ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත් අතර ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img