ශ්රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිළදී ගත් ෆයිසර් එන්නත් මාත්රා 1,343,160ක් තොගයක් රැගෙනවිත් තිබේ.
අද (05) සවස එම එන්නත් දිවයිනට රැගෙනවිත් ඇති බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්රවාහන ගුවන්යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් තිබේ.






















