Thursday, July 30, 2026
HomeNEWSත්‍රිකුණාමලයේ සිදුවීම ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ සිදුවීම ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්මින් ජනාධිපතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,”මේ පිළිබඳව මම දැනටමත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට කිව්වා මොකක්ද වුණේ කියලා වාර්තාවක් එවන්න කියලා… මම වාර්තාවක් කැඳවලා තියෙනවා… ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යතුමා මේ ආරක්ෂාව පිළිබඳව මේ බුදු පිළිමය වැඩම්මෙව්වා කියන තර්කය ගෙනාවේ…. 11.40ට ත්‍රිකුණාමල ඒ අදාළ පොලිස් ස්ථානයේ මේ බුදු පිළිමය පොලීසියට වැඩම කිරීම පිළිබඳව සටහන තිබෙනවා. ඒකේ ඉතාම පැහැදිළිව තියෙනවා ආරක්ෂාව සඳහා තමයි මේ බුදු පිළිමය මෙතනට වැඩම්මෙව්වේ කියලා. ඊට පස්සේ තියෙන්නේ මොකක්ද ? මේ බුදු පිළිමය පොලිස් ස්ථානයට වැඩම කෙරෙව්වා නම් ඊළඟට මේ ගැටුම එන්නේ පොලීසිය සහ ඔය කියන ජාතිවාදි කණ්ඩායම් අතර. ඒ නිසා තමයි නැවත එතනට බුදු පිළිමය වඩම්මවලා ඒ අවශ්‍යවන ආරක්ෂාව ලබා දීලා තියෙන්නේ. මේකට පැරණි බලපත්‍රයක් තිබෙනවා 2014 වගේ. නමුත් කිසි සේත්ම එතැන් සිට මේක විහාරස්ථානයක් ලෙස හැඳින්වුවාට මේක විහාරස්ථානයක් ලෙස මෑත කාලයේ භාවිතා වෙලා නෑ. භාවිත වෙලා තියෙන්නේ ආපන ශාලාවක් විදිහට. ආපන ශාලාවේ ඉදි කිරීම් පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගිලා ඒ ආපන ශාලාවේ නීතිවිරෝධී ඉදි කිරීම් තියෙනවා කියලා ඒ නීතිවිරෝධී ඉවත් කිරීම් පිලිබඳව වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝගයක් ලබා දිලා තිබුණා. ඒ නියෝගයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරලා තිබුණා. නාගරික සංවර්ධන අධිකාරිය සමග ඊට පස්සේ පැවැති සාකච්ඡාවකදී හාමුදුරුවන් වහන්සේ ඉල්ලා තිබුණා තව සතියක කාලයක් ලබා දෙන්න කියලා. ඒ කාලේ දෙනවා. ඒ කාලේ ගතවෙන්නේ 14 වැනිදාට. 16 වැනිදා තමයි මේ සිද්ධිය පැන නගින්නේ.. එතකොට ආගමික ස්ථානයක් පිහිටුවීම වගේම වෙනත් කතාවකුත් මේක ඇතුළේ තියෙන බව පේනවා. පොදු ජනතාව හිතන්න පුළුවන් මෙතන විහාරස්ථානයක් තියෙනවා කියලා.. නෑ… එතන ආගමික වතාවත් කරන ස්ථානයක් තිබුණේ නෑ. ඕක තමයි ඇත්ත කතාව.සිද්ධිය වුණාට පස්සේ දිසාපති කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. දිසාපති කාර්යාලයේදී එකඟතාවක් ආවා නියමිත මිනින්දෝරුවෙක් දාලා ඉඩම බෙදලා හරියටම මැනුම් කටයුතු කරලා වෙරළ සංරක්ෂණ එකට අයිති කොටස කෝකද, පන්සලට අයිති භූමිය නම් කරලා දෙන්නත් සාකච්ඡාවකට ආවා ඊයේ. අධිකරණය දැන් දීලා තියෙන නියෝගය තමයි අලුත් ඉදිකිරීම් කිසිවක් කරන්න එපා තිබෙන ඉදි කිරීම් ඉවත් කරන්නත් එපා අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නාට පසුව අදාළ වැඩකටයුතු කරන්න පුළුවන් කියලා.දැන් ඇත්තට ගත්තොත් මේ ප්‍රශ්නය අවසන්. දැන් තවත් නටන්නේ ඇයි ?.. අර ජාතිවාදී කණ්ඩායම් දැන් හැම තැනම ගිනි තිය තිය යනවා. අපි ඉතාමත් ශක්තිමත්. ජාතිවාදයට නම් ඉඩ තියන්නේ නෑ. මේ රටේ පොදු ජනතාව ජාතිවාදයට ඉඩ දෙන්නෙත් නෑ. ඒ නිසා කවුරු හරි උත්සාහ කරනවානම් නැවත පැරණි ජාතිවාද නාඩගම් මේ රටේ ඇති කරන්න ඒක ඉතිහාසයේම විතරයි. ඒක වර්තමානයත් නෙමෙයි අනාගතයත් නෙමෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...

ගොවි සංවිධානවල ඉල්ලීමට අනුව සාධාරණ සහතික වී මිලක් ලබා දී තිබෙනවා- ඇමති ලාල්කාන්ත

ගොවිජන ජීවිත නගාසිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය කැපවී සිටිනවා– අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img