Tuesday, November 10, 2026
HomeNEWSතාරුණ්‍ය හැමදාම මේ රට සමත් කළා - විපක්ෂ නායක සජිත් කියයි.

තාරුණ්‍ය හැමදාම මේ රට සමත් කළා – විපක්ෂ නායක සජිත් කියයි.

තාරුණ්‍ය හැමදාම මේ රට සමත් කළා – විපක්ෂ නායක සජිත් කියයි.

බොහෝ අවස්ථාවල මේ රටට ජයග්‍රහණ සහ කීර්තිය අත්පත් කර දුන්නේ තරුණ පරම්පරාව බවත් තමන්ට ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම ඔවුන් මේ රට සමත් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඕනෑම රටක තාරුණ්‍යය කියන්නේ  එම රටේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකය බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ තාරුණ්‍යය නිවැරදි ලෙස කළමනාකරණය කිරීම ඉතාම වැදගත් බවද පැවසීය.

ලංකාවේ ජනගහණයෙන් හතරෙන් එකක් නියෝජනය කරන්නේ තාරුණ්‍ය බවත් ඒ අතරින් ක්‍රීඩාව තුලින් ලෝකය ජයගත් වීරයින් විශාල පිරිසක් අපට සිටින බවත් ඒ මහතා පැවසීය.

අද කික් බොක්සිං ක්‍රීඩාව හරහා ලංකාවට කීර්තියක් අත්කර දුන්  ඉන්දුකාදේවි කනේෂ් දියනිය බිහිවුණේ වවුනියාවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා ඉන්දුකාදේවි දියණිය තව තවත් රනින් මේ මාතෘ භූමියට කීර්තිය අත්පත් කර දෙයි කියා විශ්වාස කරන බවද පැවසීය.

ශ්‍රී ලංකා – පාකිස්තාන කික් බොක්සිං තරගාවලියේ අවුරුදු 25න් පහළ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ රන් පදක්කම දිනා මව්බිමට අභිමානය ගෙනා ඉන්දුකාදේවි කනේෂ් ක්‍රීඩිකාව අද (08) විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.

මුලතිව්, පුදියනගර්හි උපත ලබා අධිෂ්ඨානශීලීත්වයත්, අප්‍රමාණ කැපවීමත්, නොපසුබස්නා උත්සාහයත් පෙරටුකොටගෙන ආ ගමනක ප්‍රසංශනීය ප්‍රතිපලයක් ලෙස ඇය උපන් මාතෘ භූමියට කීර්තියක් අත්පත් කොට දුන් අතර ඒ පිළිබඳව විපක්ෂ නායකතුමා සිය  හෘදයංගම ප්‍රණාමය පිපිරිනමනු ලැබූ අතර ඇයට විපක්ෂ නායකතුමා විසින් රුපියල් ලක්ෂයක මූල්‍ය පරිත්‍යාගයක් ද කරනු ලැබීය.

ඇයගේ ඉදිරි ගමනට අවශ්‍ය ඕනෑම විටක සහයෝගය ලබාදෙන බව බවටද විපක්ෂ නායකතුමා සහතික විය. මෙම හමුව සංවිධානය කළේ සමගි වනිතා බලවේගය විසිනි. එහි සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම කටයුත්ත සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img