තීරණ ගැනීමේදී කාන්තා සහභාගීත්වය වැඩිකිරීමට කාන්තාවන් කටයුතු කළ යුතුයි.
- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයෙ (2023.06.17) ශ්‍රැංගිලා හෝටලයේ පැවැති 13 වන “Top50 Women Global Economic Forum සහ Top50 Global Professional and Career Women Awards 2023” සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
ආර්ථික ක්ෂේත්‍රයේ කාන්තාවන් වගේම පොදුවේ අනෙකුත් කාන්තාවන් දිරිගැනවමින් මෙවැනි සම්මාන ප්‍රධානෝත්සව පැවැත්වීම ප්‍රසංසනීයයි. සිය රටේ සහ ඉන් ඔබ්බෙහි තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ වූ අත්‍යාවශ්‍ය ව්‍යාපෘති සාක්ෂාත් කර ගැනීම සඳහා වූ කාන්තාවගේ දායකත්වය ඉතා වටිනවා. රැකියාව තුළින් හෝ විවිධ ක්ෂේත්‍රයන්හි, ආර්ථික ක්‍රියාකාරකම්වල සිය නායකත්වය පෙන්නුම් කර ඇති අද දින සම්මානලාභීන්ගේ කැපවීම ගෝලීය ආර්ථිකයට දායක වන අතරම, ස්ත්‍රී, පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතා වැදගත් වෙනවා. මෙම කාන්තා නායිකාවන් විවේචනාත්මක විශාල වෙනසක් සමාජය තුළ සිදුකරමින් සිටිනවා.
ඔවුන් ස්ත්‍රීත්වයේ මායිම් බිඳිමින්, අනෙකුත් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට අනාගත නායකයින් වීමට මාවත විවර කළ විශිෂ්ට කාන්තාවන්. දේශීය, ජාතික සහ ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සහ සංවර්ධන වැඩසටහන් වලදී ඔබේ හඬට වසන් දෙන බවට සහතික වෙනවා.
අප රජය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීමේ ප්‍රතිපත්තියට පූර්ණ වශයෙන් කැපවී සිටින හෙයින්, “ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියේ ඉදිරියෙන්ම කාන්තා ව්‍යාපාරික නායකත්වය ස්ථානගත කිරීම” යන වඩාත් උචිත තේමාව තෝරා ගැනීම පිළිබඳව සංවිධායකයින්ට සුබ පතනවා. වෛද්‍ය සුලෝචනා මහත්මිය මගෙන් ඇහුවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් කී දෙනෙක් ඉන්නවාද කියලා, වාසනාවකට වගේ ඇමැති මණ්ඩලයේ ඇමැතිවරියන් කී දෙනෙක් ඉන්නවාද කියලා ඇහැව්වේ නැහැ. අපට තියෙන්නෙ එක් නියෝජනයක් විතරයි . එබැවින් තීරණ ගැනීමේදී කාන්තා සහභාගීත්වය වැඩි කරවීමට ඔබ තවත් බොහෝ දේ කලයුතුයි.
ගෝලීය වශයෙන්, ආර්ථික මන්දගාමිත්වය ලෝකය කම්පා කර තිබෙනව. ආහාර, ජලය, ආදායම් උත්පාදනය අතින් කාන්තාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් සලකා බලන විට, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ අපි සාර්ථක ගමනක් යමින් සිටිනවා.පසුගිය දින දෙකේදී ඔබ පැවැත්වූ සාකච්ඡාවලදී ඔබ විසින් කරන ලද නිර්දේශයන් පවුලේ, ප්‍රජාවේ, සමාජයෙහි සහ ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රමුඛයා වීමටත්, පූර්ණ සහභාගීත්වය සඳහාත් කාන්තාවන් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වනු ඇතැයි මට විශ්වාසයි.
ශ්‍රී ලාංකේය කාන්තාවන් තම වෘත්තීය, ව්‍යාපාර සහ එදිනෙදා ජීවිතයේදී විශිෂ්ට දස්කම් දැක්වූ, අන්‍යයන්ට ආශ්වාදයක් ලෙස සේවය කරන ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ විශිෂ්ට ජයග්‍රහණ හඳුනාගෙන සැමරීමේ අරමුණින් ක්‍රියාත්මක වන Women in Work වැඩසටහන ප්‍රශංසා කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා
ඔබේ නායකත්වය සහ ජයග්‍රහණ සෑම කෙනෙකුටම ආශ්වාදයක්. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ සහ කාන්තා සවිබල ගැන්වීමේ නායකයින් දැකීම අවංකව සතුටක්. ඔබ සැවොම නිසැකවම මේ ලෝකයේ වෙනසක් කිරීමට කැමති, අපගේම ජීවිත නඟා සිටුවීමට හා ලෝකය යහපත් තැනක් කිරීමට අන් අයව පොළඹවන ආකාරයෙන් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය හඳුනා ගැනීමට අවශ්‍ය වෙනස නිරමාණය කරන බලවත් නියෝජිතයෝ විදියටයි මම සලකන්නේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය






















