Wednesday, November 11, 2026
HomeNEWSතෙල් මිල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

තෙල් මිල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා ඇති අතර එයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

ඊයේ (24) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පවත්වා තිබේ.

එහිදි ඉදිරි අයවැය පිළිබඳව මෙන්ම එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

“එකම ප්‍රශ්නෙනේ හැමදාම අහන්නේ. අපට දෙන්න තියෙන්නේ උත්තරේ තෙල් හිඟයක් නැත. නුදුරු දිනක තෙල් මිල වැඩිකිරීමේ බලාපොරොත්තුවක්ද නැත. ලෝකයේ තෙල් මිල වැඩි නොකළ රටවල් කිහිපයෙන් එකක් බවට පත්කරගෙන, මුළු ලෝකයේම තෙල් මිල වැඩිකරලා තියෙද් දී ලංකාවේ විතරක් අල්ලගෙන ඉන්නේ ජනතාව විඳින දුක අපිත් තේරෙන හින්දා.‍”

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්,

“ප්‍රධාන වශයෙන් ගොවිතැන ආශ්‍රිතව ඇතිවෙලා තියෙන ගැටලුව ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව පෙන්නුවා ජනාධිපතිතුමා බලයට පත්වූ පසු පටන්ගත්ත එකක් මේක නිලධාරීනේගේ අතපසුවීම මක කරගනන් බැරි වූ දෙයක් බව මේකේ අඩුපාඩුකම් ක්‍රමවේදයන්වල ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් එතුමා ඒ ගත්ත ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් අගය කරනවා. එකේ ක්‍රීයාකාරීත්වය ගැන මටත් අඩුපාඩුවක් තියෙනවා.” 

රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ, “ජනතාවගේ ඉතාම දරුණු ජීවන වියදම් තත්ත්වයක් තියෙනවා. ඒකට අයවැය සමග අපි අඩු ආදායම් ලාභී පුවුල්වලට සහන මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලක් තියෙනවා.” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img