තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි .ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තෙල් ගබඩා තොග පර්යන්තය සභාපති මොහොමඩ් උවයිස් මහතා අද දින සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ .සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දින භාර දී ඇති අතර පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වෙන බව මොහොමඩ් උවයිස් මහතා සඳහන් කර ඇත .මොහොමඩ් උවයිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමෙන් අනතුරුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ රාජ්‍ය අමාත්‍ය චානක මුණගැසී සාකච්ඡා කර ඇත.






















