Monday, November 9, 2026
HomeNEWSදක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අක්මීමන ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ එකම පවුලේ සාමාජිකයන් 8 දෙනෙකු සිට ඇත.

ඔවුන් ගමන්කළ මෝටර් රථය ඉදිරියෙන් ගමන්කළ සිමෙන්ති පටවාගත් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෝටර් රථයේ ගමන්කළ සිව්දෙනෙකු අනතුරින් තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ 29 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.

මේ අතර මෝටර් රථය පැදවූ පුද්ගලයාට අනතුරින් කිසිදු හානියක් සිදුව නොමැති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඔහුගේ පියා බවට වාර්තා වෙයි.

ඔහුගේ සොහොයුරිය වන 29 හැවිරිදි වියේ පසුවූ තරුණියගේ පේරාදෙණිය සරසවියේ පැවති වෛද්‍ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වී නැවත යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img