Friday, September 11, 2026
HomeNEWSදරුවන් ගැන වෛද්‍යවරුන්ගෙන් බය හිතෙන අනතුරු ඇඟවීමක්

දරුවන් ගැන වෛද්‍යවරුන්ගෙන් බය හිතෙන අනතුරු ඇඟවීමක්

දෛනිකව ලබාගන්නා ආහාරවල ලුණු, සීනි හා තෙල් අන්තර්ගත ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් දරුවන් විශාල සංඛ්‍යාවක් විවිධ රෝගාබාධයන්ට ගොඳුරු වෙමින් පවතින බව වෛද්‍යවරු පවසති.

BIG FOCUS වැඩසටහනක් සමග එකවෙමින්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ, අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසා සිටියේ, දරුවන් රැසක් මේ වනවිට අධික රුධිර පීඩනය හා දියවැඩියා තත්ත්වයන්ට ලක්ව ඇති බවය.

“අපේ ආහාරවෙල අඩංගු වෙලා තියෙනවා වස වර්ග තුනක්. අපි හැමදාම ගන්න ආහාර වර්ග තුනක්. මේක අපි ඕනවාට වඩා ගත්තහම අපිට ඒක විසක් වෙනවා. එකක් තමා සීනි. සීනි කියන එක අපේ රටේ ජනගහණය එක්ක බැලුවොත් එක්කෙනෙක් භාවිත කරන්න ඕනේ ප්‍රමාණයට වඩා තුන්ගුණයක් සීනි භාවිත කරනවා. තෙල් ගත්තහම ඒකත් එහෙමයි. අපි පොල්කිරිවලින් කෑම උයනවා. නවීන තෙල් වර්ගවලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඊළඟ කාරණය තමා ලුණු. අපේ රටේ ජනගහණය එක්ක භාවිත කරන ලුණු ටොන් ගණන බැලුවොත් ඉතාම අධිකයි. සාමාන්‍යයෙන් දිනකට ලුණු ග්‍රෑම් 5ක් වගේ එක පුද්ගලයෙක් භාවිත කරන්න ඕනේ. නමුත් බලන්න දෙන්නෙක් ඉන්න ගෙදරකට ලුණු පැකට් කීයක් අරන් යනවා ද? ශ්‍රී ලංකාවේ අපි තෙල්, ලුණු හා සීනි භාවිතය ඉතා අධිකයි. අපිට හැදෙන රෝගවලට වඩා රෝග හදාගන්න පාදක වෙලා තියෙනවා.”

මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියේ වසරකට දරුවන් 100ක් පමණ දියවැඩියා රෝගීන් ලෙස වාර්තා වන බවය.

“දියවැඩියාව තියෙන දරුවෝ 100ක් විතර වසරකට වාර්තා වෙනවා. අපි ඉගෙන ගන්න කාලේ හරි අමාරුයි දියවැඩියාව තියෙන දරුවෙක් හොයාගන්න අපිට ඉගෙන ගන්න. දැන් එහෙම නෑ. අධික රුධිර පීඩනය තියෙන දරුවෝ වාර්තා වෙනවා. වෙන හේතු නෑ. සමහර වෙලාවට අපේ ලුණු භාවිතය වැඩි නිසා වෙන්න ඇති කියලා අපි හිතනවා. ඒවා වස. තෙල්, ලුණු, සීනි කියන ජාති තුන පුංචි කාලේ ඉඳලා හඳුන්වා දෙන්න එපා. අවුරුදු 2ක් යන කල් මව්කිරි දෙන්න. වැඩිපුර ලුණු දෙන්න එපා මාස 10 – 12ක් යනකල්. මොකද දරුවාගේ වකුගඩු වර්ධනය වෙලා නෑ. අනිත් එක සීනි හඳුන්වා දෙන්න එපා අවුරුදු 2ක් යනකල්. පුංචි කාලේ සීනි රස පුරුදු කරාම ඒ අයට සීනි ඕන වෙනවා. ඒවා නැතිව කෑම පුරුදු කරන්න. එහෙම පුරුදු කරපු දරුවාට ජීවිත කාලෙම ඒවා ඕන වෙන්නේ නෑ. ලුණු නිසා එන්න පුළුවන් වකුගඩු රෝග සහ අධික රුධිර පීඩනය අවම කරගන්න පුළුවන්. සීනි නිසා එන්න පුළුවන් දියවැඩියාව අවම කරගන්න පුළුවන්. තරබාරුව වගේ දේවල්වලටත් මේක එක හේතුවක්. පුංචි කාලේ දරුවාව සීනි, ලුණු හඳුන්වා දීම පහුකරන්න…”

මේ අතර ආහාර ලබාගැනීමේ දී රූපවාහිනිය නැරඹීමට හා දුරකථනය නැරඹීමට දරුවන් යොමුවීම තුළින් සෞඛ්‍ය ගැටලු රැසක් මතුව ඇතැයි ද වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.

“ගොඩක් වෙලාවට දරුවන්ට කවන්නේ ෆෝන් එක අතට දීලා. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඔහේ කටට දාන දේ ගිලිනවා. එතකොට ගන්න ආහාර ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන්.”

“අද වෙද්දි රිජ්වේ ආර්යා ළමා රෝහලට කීදෙනෙක් දුරකථනවලට හා රූපවාහිනි වැඩසටහන්වලට ඇබ්බැහිවෙලා මනස විකෘතිවෙලා අපේ ළඟට එක්කන් එනව ද? සෑහෙන පිරිසක් දරුවෝ එක්කන් එනවා පොඩි ළමයි. සාමාන්‍යයෙන් අවුරුදු 4 – 5 ළමයි. දෙමාපියන්ට කීකරු නෑ. සමහර වෙලාවට නිදාගන්නේ නෑ. සමහර වෙලාවට කෑම කන්නේ නෑ. නොයෙක් නොයෙක් ගැටලුවලට පාත්‍රවෙලා තියෙනවා. පාසල් දරුවොත් එහෙමයි. මේ වගේ දේවල්වල සීමා සහිතභාවයක් තියෙන්න ඕනේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img