Sunday, November 1, 2026
HomeNEWSදරුවන් ගැන වෛද්‍යවරුන්ගෙන් බය හිතෙන අනතුරු ඇඟවීමක්

දරුවන් ගැන වෛද්‍යවරුන්ගෙන් බය හිතෙන අනතුරු ඇඟවීමක්

දෛනිකව ලබාගන්නා ආහාරවල ලුණු, සීනි හා තෙල් අන්තර්ගත ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් දරුවන් විශාල සංඛ්‍යාවක් විවිධ රෝගාබාධයන්ට ගොඳුරු වෙමින් පවතින බව වෛද්‍යවරු පවසති.

BIG FOCUS වැඩසටහනක් සමග එකවෙමින්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ, අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසා සිටියේ, දරුවන් රැසක් මේ වනවිට අධික රුධිර පීඩනය හා දියවැඩියා තත්ත්වයන්ට ලක්ව ඇති බවය.

“අපේ ආහාරවෙල අඩංගු වෙලා තියෙනවා වස වර්ග තුනක්. අපි හැමදාම ගන්න ආහාර වර්ග තුනක්. මේක අපි ඕනවාට වඩා ගත්තහම අපිට ඒක විසක් වෙනවා. එකක් තමා සීනි. සීනි කියන එක අපේ රටේ ජනගහණය එක්ක බැලුවොත් එක්කෙනෙක් භාවිත කරන්න ඕනේ ප්‍රමාණයට වඩා තුන්ගුණයක් සීනි භාවිත කරනවා. තෙල් ගත්තහම ඒකත් එහෙමයි. අපි පොල්කිරිවලින් කෑම උයනවා. නවීන තෙල් වර්ගවලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඊළඟ කාරණය තමා ලුණු. අපේ රටේ ජනගහණය එක්ක භාවිත කරන ලුණු ටොන් ගණන බැලුවොත් ඉතාම අධිකයි. සාමාන්‍යයෙන් දිනකට ලුණු ග්‍රෑම් 5ක් වගේ එක පුද්ගලයෙක් භාවිත කරන්න ඕනේ. නමුත් බලන්න දෙන්නෙක් ඉන්න ගෙදරකට ලුණු පැකට් කීයක් අරන් යනවා ද? ශ්‍රී ලංකාවේ අපි තෙල්, ලුණු හා සීනි භාවිතය ඉතා අධිකයි. අපිට හැදෙන රෝගවලට වඩා රෝග හදාගන්න පාදක වෙලා තියෙනවා.”

මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියේ වසරකට දරුවන් 100ක් පමණ දියවැඩියා රෝගීන් ලෙස වාර්තා වන බවය.

“දියවැඩියාව තියෙන දරුවෝ 100ක් විතර වසරකට වාර්තා වෙනවා. අපි ඉගෙන ගන්න කාලේ හරි අමාරුයි දියවැඩියාව තියෙන දරුවෙක් හොයාගන්න අපිට ඉගෙන ගන්න. දැන් එහෙම නෑ. අධික රුධිර පීඩනය තියෙන දරුවෝ වාර්තා වෙනවා. වෙන හේතු නෑ. සමහර වෙලාවට අපේ ලුණු භාවිතය වැඩි නිසා වෙන්න ඇති කියලා අපි හිතනවා. ඒවා වස. තෙල්, ලුණු, සීනි කියන ජාති තුන පුංචි කාලේ ඉඳලා හඳුන්වා දෙන්න එපා. අවුරුදු 2ක් යන කල් මව්කිරි දෙන්න. වැඩිපුර ලුණු දෙන්න එපා මාස 10 – 12ක් යනකල්. මොකද දරුවාගේ වකුගඩු වර්ධනය වෙලා නෑ. අනිත් එක සීනි හඳුන්වා දෙන්න එපා අවුරුදු 2ක් යනකල්. පුංචි කාලේ සීනි රස පුරුදු කරාම ඒ අයට සීනි ඕන වෙනවා. ඒවා නැතිව කෑම පුරුදු කරන්න. එහෙම පුරුදු කරපු දරුවාට ජීවිත කාලෙම ඒවා ඕන වෙන්නේ නෑ. ලුණු නිසා එන්න පුළුවන් වකුගඩු රෝග සහ අධික රුධිර පීඩනය අවම කරගන්න පුළුවන්. සීනි නිසා එන්න පුළුවන් දියවැඩියාව අවම කරගන්න පුළුවන්. තරබාරුව වගේ දේවල්වලටත් මේක එක හේතුවක්. පුංචි කාලේ දරුවාව සීනි, ලුණු හඳුන්වා දීම පහුකරන්න…”
‍
මේ අතර ආහාර ලබාගැනීමේ දී රූපවාහිනිය නැරඹීමට හා දුරකථනය නැරඹීමට දරුවන් යොමුවීම තුළින් සෞඛ්‍ය ගැටලු රැසක් මතුව ඇතැයි ද වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.

“ගොඩක් වෙලාවට දරුවන්ට කවන්නේ ෆෝන් එක අතට දීලා. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඔහේ කටට දාන දේ ගිලිනවා. එතකොට ගන්න ආහාර ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන්.”

“අද වෙද්දි රිජ්වේ ආර්යා ළමා රෝහලට කීදෙනෙක් දුරකථනවලට හා රූපවාහිනි වැඩසටහන්වලට ඇබ්බැහිවෙලා මනස විකෘතිවෙලා අපේ ළඟට එක්කන් එනව ද? සෑහෙන පිරිසක් දරුවෝ එක්කන් එනවා පොඩි ළමයි. සාමාන්‍යයෙන් අවුරුදු 4 – 5 ළමයි. දෙමාපියන්ට කීකරු නෑ. සමහර වෙලාවට නිදාගන්නේ නෑ. සමහර වෙලාවට කෑම කන්නේ නෑ. නොයෙක් නොයෙක් ගැටලුවලට පාත්‍රවෙලා තියෙනවා. පාසල් දරුවොත් එහෙමයි. මේ වගේ දේවල්වල සීමා සහිතභාවයක් තියෙන්න ඕනේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img