Sunday, November 1, 2026
HomeNEWSසිරුරෙන් වෙන්වූ තරුණියගේ අත සාර්ථකව බද්ධ කෙරේ

සිරුරෙන් වෙන්වූ තරුණියගේ අත සාර්ථකව බද්ධ කෙරේ

සිරුරෙන් වෙන්වී තිබූ අතක් පැය 4ක ශල්‍යකර්මයකින් පසුව සාර්ථකව බද්ධ කළ පුවතක් කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වෙයි.

කෑගල්ල එරබඳුපිටිය ප්‍රදේශයේ ඥාතීන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 21 හැවිරිදි තරුණියගේ අතට මන්නා ප්‍රහාරයක් එල්ලවී ඇත.

එම ප්‍රහාරයෙන් තරුණියගේ වම අතේ පහළ කොටස වෙන්වී ගොස් තිබූ බව වෛද්‍යවරුන් පවසයි.

කෙසේ වෙතත් අයිස් බෑගයකට දැමූ එම තරුණියගේ වෙන් වී ගිය අතේ කොටස සමඟ තරුණිය කඩිනමින් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී වහාම ක්‍රියාත්මක වූ කෑගල්ල මහ රෝහලේ විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සිරුරෙන් වෙන්වී ගිය අත බද්ධකිරීම සඳහා සැත්කමක් ආරම්භ කර තිබේ.

විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා අද දෙරණට පැවසුවේ සහයක වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්යමණ්ඩලය, සෞඛ්‍ය සහයක කණ්ඩායම් සහ ලේ බැංකුව විසින් ලබාදුන් නොමද සහාය මත එම තරුණියගේ අත සාර්ථකව බද්ධ කිරීමට හැකියාව ලැබුණු බවය.

ශල්‍යකර්මයෙන් අනතුරුව තරුණිය දැඩි කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර තරුණියගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img