Tuesday, August 11, 2026
HomeNEWSදරුවෙකු අත්අඩංගුවට ගත්විට පැය 06ක් තුළදී මවුපියන් හමුවීමට ඉඩ දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

දරුවෙකු අත්අඩංගුවට ගත්විට පැය 06ක් තුළදී මවුපියන් හමුවීමට ඉඩ දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාල සීමාවක් තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.2022 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බාල වයස්කාර පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඔහුගේ දෑස් වලට නයි මිරිස් සාරය වක්කොට හිංසා සිදු කිරීම තුලින් හතරලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක මේ බව සඳහන් වෙයි.හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවකු සහ ඔහුගේ භාරකාරිය වන හමින් සිත්ති නිහාරා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව අදාළ බාල වයස්කාර දරුවාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් එම දරුවාට රුපියල් ලක්ෂ 03 ක වන්දියක් සහ ඔහුගේ භාරකාරියට රුපියල් 75000/- ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවන ලෙස හතරලියද්ද පොලිසියේ එවක වැඩ බලන පොලිස් ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක වීරකෝන් මහතාට විනිසුරු මඩුල්ල විසින් නියෝග කර ඇත.ඊට අමතරව යම් බාලවයස්කාර දරුවකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06 ක කාල සීමාව තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත.තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම්කාර දරුවා පදිංචිව සිටින නිවස ආසන්නයේ පිහිටි නිවසක සිදු වූ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් මෙම පෙත්සම්කාර දරුවා 2022 වසරේ අගෝස්තු මස 07 වන දින සැකපිට අත් අඩංගුවට ගත් බවය.එයින් අනතුරුව මෙම දරුවා පොලිස් ස්ථානයට රැගෙන ගොස් වධ හිංසනයට භාජනය කරමින් ප්‍රශ්න කර තිබෙන බව අනාවරණය තිබෙන බවත් තීන්දුවේ සඳහන් වෙයි.ප්‍රශ්න කිරීම් සිදුවන අතර තුර දරුවාගේ පාදවලට පොලු වලින් පහර දී වධ හිංසාවට බඳුන් කර ඇති අතර ලේන්සුවකට නයි මිරිස් කරල් කීපයක් මිරිකා එහි සාරය ගෙන දරුවාගේ දෑස් වලට වක් කරමින් වධ හිංසා පමුණුවා තිබෙන බවත් නඩු තීන්දුවේ දී ප්‍රකාශ විය.ඉන් අනතුරුව අදාළ දරුවා ඇප මත මුදා හැරීමෙන් පසුව ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බවත් එහිදී වෛද්‍යවරු විසින් ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය වාර්තා තුළින් පොලිස් අත්අඩංගුවේදී දරුවා වධ හිංසාවලට භාජනය වී ඇති බව තහවුරු වී ඇති බවත් විනිසුරුවරු සිය තීන්දුවේ ප්‍රකාශ කළේය.ඉන් පසුව මේ සම්බන්ධයෙන් පැවතී නඩු විභාගයේ දී අදාළ දරුවා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දුවෙන් පෙන්වා දී තිබේ.අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී සාධාරණ පැමිණිල්ලක්, විශ්වාස කළ හැකි සාක්ෂි සහ සාධාරණ සැකයක් තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල එහෙත් මෙම පෙත්සම්කාර දරුවා අත්අඩංගුවට ගැනීමේදී වගඋත්තරකාර පොලිස් නිලධාරියා එම නීතිමය මූලධර්ම උල්ලංඝනය කරමින් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇති බවටත් චෝදනා කළහ.මේ තුළින් එම නිලධාරියා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර තිබෙන බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවසානයේදී තීන්දු කළහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොලොම්බියාවේ භූමිකම්පාවක්.. 77 දෙනකු මරුට

කොලොම්බියාවේ සිදුවූ රික්ටර් මාපක 7.4 ක භූකම්පනයකින් 77 දෙනෙකු, දැනට අවම වශයෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාගරට ඇප… විදෙස් ගමන් තහනම්

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග...

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින්...

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img