Monday, November 9, 2026
HomeNEWSදැරියක් දූෂණය කිරීමේ වරදට සිරදඬුවම් විඳින හිටපු සභාපති අධිකරණයෙන් කළ ඉල්ලීම

දැරියක් දූෂණය කිරීමේ වරදට සිරදඬුවම් විඳින හිටපු සභාපති අධිකරණයෙන් කළ ඉල්ලීම

දැරියක් දූෂණය කිරීමේ සිද්ධියට වරදකරුවී මේ වනවිට සිරදඬුවම් නියමවී සිටින ප්‍රාදේශීය සභා හිටපු සභාපතිගේ පෙත්සම විභාග කිරීම පිළිබඳ තීන්දුව ලබන මස 05 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (08) නියෝග කළේය.

ඒ, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා ව ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීම සම්බන්ධයෙනි.

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු ඒ මහතා බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම වී සිටී.

ඒ අනුව අභියාචනාධිකරණය නියෝග කළේ පෙත්සම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන තීන්දුව අප්‍රේල් මස 05 වනදා ප්‍රකාශයට පත් කරන බවය.

අදාළ පෙත්සම පිළිබඳ කරුණු සලකාබැලීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත්කර තිබුණි.

සිරදඬුවම් නියම වී සිටින සාරුව ලියනගේ සුනිල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා වරදකරු කරමින් මහාධිකරණය විසින් ප්‍රකාශයට පත්කිරීමට යෙදුණු තීන්දුව නීතියට පටහැනි බව සඳහන් කළේය.

තීන්දුව ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා නීතිය වැරදි ලෙස අර්ථ කථනය කරමින් මෙම තීරණයට එළැඹ ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විත්තිකරු විසින් තමාව දුෂණය නොකළ බවට වින්දිත දැරිය අධිකරණය හමුවේ සාක්ෂි දී තිබියදී වීඩියෝ සාක්ෂියක් උපයෝගී කරගෙන තම සේවාදායකයා වරදකරු කිරීම පිළිගත නොහැකි බවත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව නීත්‍යනුකූල බව පැවසීය.

එබැවින් විත්තිකරුගේ මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරු මඩුල්ල මෙම ඇප ඉල්ලීම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන තීන්දුව අප්‍රේල් මස 05 වනදා ප්‍රකාශයට පත් වෙන බව නිවේදනය කර තිබුණි.

කොළඹ මහාධිකරණය විසින් 2020 වසරේ ජනවාරි මස දිනයකදී සාරුව ලියනගේ සුනිල් මහතා වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කර තිබුණි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img