Monday, November 9, 2026
HomeNEWSමාතෘත්වයේ උත්තරීතර කැපකිරීම

මාතෘත්වයේ උත්තරීතර කැපකිරීම

කාන්තාවන්ට ම විශේෂිත වූ අද වැනි දිනක ආදරණීය මවක් ගැන විශේෂ කතා පුවතක් අපට බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණි.

එය අපට විශේෂ වුවත් ඇයට නම් බොහෝ සේ දුකින් පිරුණු අත්දැකීම් පෙළකි.

මේ වනවිට 82 හැවිරිදි වියේ පසුවන ආර්.එම් බණ්ඩාරමැණිකා තිදරු මවකි.

මේ කතා පුවත මෙතරම් සංවේදි වන්නේ, බණ්ඩාර මැණිකාගේ මෙලොවට බිහි කළ දියණියන් තිදෙනාම උපතින්ම අන්ධ දරුවන් වීම නිසාවෙනි.

අද වනවිට ඇගේ වැඩිමහල් දියණිය මියගොස් වසර 3ක් ගතව අවසන්ය.

අනෙක් දියණියන් දෙදෙනා සමග හාලිඇළ, ලන්දෙවෙල ප්‍රදේශයේ ජීවත් වන බණ්ඩාර මැණිකා ට මේ වනවිට සිය දියණියන්ගේ වැඩකටයුතු ඉටුකර දීම පවා අසීරු වී තිබේ.

ඇය ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකර ඔවුන් වෙනුවෙන් අදටත් තම වීර්යය උපරිමයෙන් යොදමින් මව් සෙනෙහස නොමදව ලබාදෙමින් සිටී.

වසර 60ක් පුරා සිය දරුවන් වෙනුවෙන් අපමණ වෙහෙසකින් යුතුව ජීවිතයේ විශාල කැපකිරීමක් කළ බණ්ඩාර මැණිකා අපට මෙලෙස අදහස් දැක්වීය.

“අතන මෙතන ගිහින් වැඩක් කරලා, හාල් හුන්ඩුවක් දුන්නහම ඒක ගෙනල්ලා, උයලා මං කන්න දෙන්නේ. මට පුළුවන් විදියට මම මෙයාලව ජීවත් කෙරුවා. අදටත් කොහෙටත් යවන්නේ නෑ. තියාගෙන හිටියා දරු දුකට. දැන් ඉතින් තියාගෙන ඉඳලා බෑනේ. දැන් මටත් බෑ. මමත් අද හරි හෙට මැරිලා ගියොත් මේ දෙන්නා මොනවා කරයි ද? “ 

මේ වනවිට බණ්ඩාර මැණිකාගේ දියණියන් දෙදෙනා 43 හැවිරිදි හා 50 වන වියේ පසුවෙයි.

සිය දියණියන්ට අසීමිතව ආදරය, කරුණාව දක්වන බණ්ඩාර මැණිකා අද වනවිට දියණියන්ව වෙනත් තැනකට යැවීමට තීරණය කර තිබේ.

ඔවුන්ගේ ඉදිරි කාලය ආරක්ෂිතව ගත කිරීමට සුදුසු තැනක් සොයාගැනීම බණ්ඩාර මැණිකාගේ එකම බලාපොරොත්තුව වී ඇත.

“ඉස්සරහට මං නැත්නම් මේ දෙන්නා මොනවා කරයි ද? හැන්දෑවේ ගිහින් උයාගෙන ඉන්න ද? ගෙදර බඩු තිබ්බොත් කයි. නැත්නම්. දෙන්නා උදේ ඉඳන් රෑ වෙනකල් දොර දෙපැත්තේ ඉන්නවා. කවුරුත් ඇවිත් කෑව ද නැද්ද අහන්න කිසිම කෙනෙක් නෑ.”

උපන්දා සිට මොලොව කිසිවක් දැක නැති ඔවුන් අද බොහෝ සේ අසරණ තත්ත්වයකට පත්ව සිටී.

සිය අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයකට පත්ව ඇති ඔවුන් හෙට දවසේ මවගේ රැකවරණය නොලැබුණත්, කොහේ හෝ තැනක ආරක්ෂාකාරී ලෙස ජීවත්වීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.

“අපිට උපන්දා සිටිම ඇස් පේන්නේ නෑ මහත්තයෝ. මට දැන් අවුරුදු 50ක් වෙනවා. මෙච්චරකල් නම් අපි ජීවත් වුණා. මෙච්චර කල් අපි කෙහේවත් ගියේ නෑ. අම්මා ළඟමයි ජීවත් වුණේ. අම්මා අපිට මොනවා හරි දීලා හැදුවා කොහොම හරි.”

“මාල, වළලුවලට ආසයි. ඇඳුම්වලටත් ආසයි. අම්මා නැති වුණාම කරන්න දෙයක් නෑ අපිට. අපේ අම්මා නැති වෙන්න හොඳ නෑ. තව දීර්ඝ කාලයක් හොඳින් ඉන්න ඕනේ. අපි දෙන්නා තනි වෙනවා නේ මහත්තයා. වෙන කොහෙට හරි ගියානහොඳයි.”

ලබන ආත්ම භවයක හෝ ඇස් පෙනීම ලැබී තම මව සියැසින් දැකබලා ගැනීමට හැකිවේවායි යන අහිංසක බලාපොරොත්තුව ඇතිව බණ්ඩාර මැණිකාගේ දියණියන් අද දවසේ ජීවිතයට මුහුණ දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img