Wednesday, November 11, 2026
HomeNEWSදුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය 60% දක්වා ඉහලට.

දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය 60% දක්වා ඉහලට.

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ ප්‍රවාහන අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර හමුවක් 2021.09.28 දින බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්විනි. බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය 60% දක්වා වර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

බවුසර් මගින් ඉන්ධන බෙදාහැරීමේදී සිදුවන පිරිවැය අධික වීම, පරිසර දූෂණය සහ වාහන තදබදය පිළිබඳ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ අවධානයට යොමු විය. ඒ අනුව එම තත්වයන් අවම කර ගැනීම සදහා 30% තිබුණු දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය 60% දක්වා වර්ධනය කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබීය.

ඒ අනුව ඉන්ධන බෙදාහැරීම සඳහා දුම්රිය භාවිතා කිරීම මේ වන විට 38% දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇත. ඉදිරි ඉලක්ක සපුරා ගැනීම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ටැංකි සහිත ගැල් අළුත්වැඩියා කිරීම, නව ටැංකි සහිත ගැල් මිලදී ගැනීම, දිගු දුම්රිය දෙකකට මාරු විය හැකි අයුරින් දුම්රිය ස්ථාන සැකසීම ඇතුළු යටිතල පහසුම් වැඩිදියුණු කිරීමට එහිදී තීරණය විය.

බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ ආර් ඩී ඔල්ගා, ප්‍රවාහණ අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ සාකච්ඡාව සදහා එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img