Tuesday, November 10, 2026
HomeNEWSදුම්රිය රියදුරන්ගෙන් චෝදනාවක්

දුම්රිය රියදුරන්ගෙන් චෝදනාවක්

මෙරට දුම්රිය දෙපාර්තමේන්තුවේ උපදෙස් සංග්‍රහයට අනුව ලොකොමොටිව් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් සේවයේ යෙදෙන අතරතුර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් නිරන්තරයෙන් නිරීක්ෂණය සහ නියාමනය අනිවාර්ය වෙයි.

නමුත් ලොකොමොටිව් රියදුරන් පවසන්නේ එවැනි නිසි නියාමනයක් සිදු නොකෙරන අතර ඇතැම් දුම්රිය අනතුරුවල දී ඊට බල පෑ සැබෑ හේතූන් සැඟවීමක් ද සිදු කෙරෙන බවය.

දුම්රිය, මහාමාර්ගයේ ප්‍රවාහන මාධ්‍යවලට සාපේක්ෂව වෙනස් ආකාරයේ ප්‍රවාහන මාධ්‍යයක් වන නිසාම දුම්රිය ධාවනය කෙරෙන්නේ විශේෂිතව බඳවාගන්නා කණ්ඩායමක් මගිනි.

එහි ඇති බැරෑරුම්කම නිසාම දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් බඳවා ගැනීමේදී මෙන්ම සේවයේ යෙදවීමේදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වෛද්‍ය පරීක්ෂණ මගින් වාර්ෂිකව තහවුරු කරගැනීම අනිවාර්ය කරුණකි.

මෙරට දුම්රිය උපදෙස් සංග්‍රහයට අනුවත් රියදුරන් සහ නියාමකවරුන් වාර්ෂිකව දෘෂ්ඨි පරීක්ෂාවට ලක් කිරීමත් ඔවුන්ට වර්ණ අන්ධතාව නොමැති බව තහවුරුකිරීමත් වයස අවුරුදු 45 සම්පූර්ණ කළ පසු ඔවුන්ගේ රෝග විනිශ්චයන් වාර්ෂිකව නියාමනයත් සිදු කළ යුතුය.

නමුත් මේ වනවිට එම පරීක්ෂාවන් නිසිලෙස සිදු නොවන බව ලොකොමොටිව් ඉංජිනේරුවන් පවසයි.

එසේනම් ඇතැම් දුම්රිය අනතුරුවලට සැබෑ හේතුව එම රියදුරන්ගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් නිසා ඇතිවූ ගැටලු ද විය හැකිය.

එබැවින් දුම්රිය රියදුරන් හා නියාමකවරුන් නිසිපරිදි සෞඛ්‍ය පරීක්ෂාවන්ට භාජනය කිරීමේ ක්‍රමවේදය දැන්වත් නිසිපරිදි සිදුකිරීමට පියවර ගතයුතු බව අද දෙරණ දුම්රිය බලධාරීන්ට සිහිපත් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img