Monday, November 9, 2026
HomeNEWSදෙමළ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක

දෙමළ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව විරෝධතාවක යෙදෙමින් සිටින බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ, ඔවුන් ජනාධිපතිවරයා හමු වී සංදේශයක් භාර දීමට පැමිණ ඇති බව සඳහන් කළත් අද (24) දින ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන බවට කිසිදු පෙර දැනුම්දීමක් සිදුකර නොමැති බවය.

ජනාධිපතිවරයා අද පෙරවරුවේ මීට පෙර යොදාගත් වැඩසටහනක් සඳහා පිටත්ව ගොස් ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

දෙමළ සන්ධාන මන්ත්‍රී පිරිසට අග්‍රාමාත්‍යවරයා හමුවීමට වේලාවක් ලබාදී තිබුණත් ඔවුහු එම හමුවීමට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටින බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

“ජනාධිපතිතුමා සිය කාර්යාලයේ නොමැති අවස්ථාවක පෙර දැනුම් දීමකින් ද තොරව පැමිණ මෙලෙස විරෝධතාවක නිරත වීම ජිනීවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබා දීමට සැලසුම් සහගතව කෙරෙන කුමන්ත්‍රණයක් බව පැහැදිලි ය.” යනුවෙන් ද ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img