Tuesday, November 10, 2026
HomeNEWSදේශපාලකයින් මාරු කළාට රට හදන්න බෑ - මැදගොඩ අභයතිස්ස හිමි

දේශපාලකයින් මාරු කළාට රට හදන්න බෑ – මැදගොඩ අභයතිස්ස හිමි

කාබනික වගාව මෙරට තුළ ආරම්භ කිරීමට නොහැකි වූයේ ඒ පිළිබඳ බුද්ධිමය සංවාදයක් නොමැතිවීමෙන් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් රචිත ‘‘කලන වත’’ කෘතිය අද එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් රචිත තවමත් හමු නොවූ සාධාරණය සොයා ‘‘කලන වත’’ කෘතිය ජනගත කිරීම අද පදනම් ආයතනයේදී සිදුකෙරුණි.

පැපිලියානේ ශ්‍රී සුනේත්‍රාදේවී පිරිවෙන් පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි,

“ඒ අය බලයේ ඉද්දී ඇහුවා සැපද කියලා. දැන් මේ අයගෙන් ඒ අය අහනවා සැපද කියලා. ජනතාව වෙනස් නොවී දේශපලකයින් මාරු කරලා රට හදන්න බෑ. කාබනික වගාවේ අරමුණ පාරිශුද්ධ වෙන්න පුළුවන්. ජනතාව ඒ සඳහා එකතු කරගෙන බුද්ධිමය සංවාදයක් ඇති කළේ නැත්තම් එය ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේ නැහැ. ජනතාවගේ මනස හදන්නේ නැතුව කළොත් හැමදේම ගැසට් වගේ රිවස් වෙනවා. විපක්ෂය කරන්නේ සටන් පාඨ වෙනුවට අපහාස. 69 ලක්ෂයට කෝචොක් කරනවා. විපක්ෂයේ කාර්යභාරය ඒකද?”

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා,

“පොහොර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණේ නෑ. නැති ප්‍රශ්නයක් අරූඪ කරගත්තා. මම දන්නේ නෑ ග්‍රීන් ඉකොනොමි මොකද්ද කියලා. මොන වියතා ඔය අදහස දුන්නාද දන්නේ නෑ. අපි ගන්න හැමදේම රසායනිකයි. දැන් නැනෝ කියලා ගේනවා. වී සම්බන්ධයෙන් තියෙන පරීක්ෂණාගාරවල බලලා මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එහෙම පාවිච්චි කරන්න පුළුවන්නම් ගේන්න ඕනේ. මේක තමයි විධායක ජනාධිපති ක්‍රමයේ අගතිගාමී තත්ත්වය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img