ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවල නිරතවීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග පවසයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ගෞරවණීය, සරල හා අප්‍රකට ජීවිතයක් ගත කිරීමට තමා දැඩි උත්සහයක් දරා ඇති බවත් තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ලාංකිකයින්ගෙන් සහ මාධ්‍යයෙන් ඉල්ලා සිටින බවත් එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.
විමුක්ති කුමරතුංග මහතා තැබු සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.






















