Sunday, November 15, 2026
HomeNEWSLatest Newsදේශීය කර්මාන්ත උන්නතියට නිර්මාණශීලිව සැලසුම් කරන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ...

දේශීය කර්මාන්ත උන්නතියට නිර්මාණශීලිව සැලසුම් කරන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් …

දේශීය කර්මාන්ත උන්නතියට නිර්මාණශීලිව සැලසුම් කරන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් …

නීති රීතිවලට කොටු වී සාම්ප්‍රදායික කර්මාන්ත බිඳ වැටීමට ඉඩ දිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති  සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජන ජිවිතය ද බිඳ වැටි ඇති බව එතුමා පෙන්වා දෙයි. වැරදි කරන සුළු පිරිසක් නිසා  නීත්‍යානුකූලව කර්මාන්තවල නිරත ජනතාව අසරණ නොකළ යුතු බව  ද ජනාධිපතිතුමා කියා සිටී.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

“දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා නිලධාරීන් නිර්මාණශීලිව ක්‍රියාකාරීම අවශ්‍යතාවක්. බිම් මට්ටමේ ගැටළු කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුයි. රජය ගන්නා  තීරණ බිම් මට්ටමින් ක්‍රියාත්මක වන්නේදැයි  පසුවිපරම අත්‍යවශ්‍ය සාධකයක්. දිගුකාලීනව නිසි අවධානයට ලක් නොවූ පාරම්පරික කර්මාන්ත සංවර්ධනය සැලසුම්සහගතව කළයුතු කාර්යයක්. ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එක් එක් ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළේ ද එබැවින් යැයි එතුමා කීය. රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා සාම්ප්‍රාදියක කර්මාන්තකරුවෝ කනස්සල්ලෙන් පසු වූහ. පසුගිය මැතිවරණ සමයේ තමා රට පුරා  කළ චාරිකාවේ දී එය පැහැදිළිව අනාවරණය වූ බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

වේවැල්, පිත්තල, මැටි සහ ලී බඩු ක්ෂේත්‍ර ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රයේ  මතුව ඇති ගැටළු පුළුල්ව සාකච්ඡා කෙරිණ. ගැටළු විසඳමින් කර්මාන්ත නගා සිටුවීමට කෙටි කාලීන සහ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කොට ඒවා නිරතුරුව පසුවිපරමට ලක් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය. මැටි ප්‍රවාහනයේ දී  සහ මැටි ලබා ගැනීමේදී කර්මාන්තකරුවන් මුහුණ  දී ඇති ගැටළු සොයා බැලීමටත්, දැනට වසා දමා ඇති මැටි ආශ්‍රිත නිෂ්පාදන ආයතන නැවත විවෘත කිරීමටත් එතුමා නිලධාරීනට උපදෙස් දුන්නේය.

“සාම්ප්‍රදායික කර්මාන්තවල වැදගත්කම ගැන පාසල් අවධියේ  සිට දරුවන්ට අවබෝධයක් දිය යුතුයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන සඳහා ද සාම්ප්‍රදායික කර්මාන්ත සුදුසු මාතෘකාවක්. එමගින්  කර්මාන්තයේ උන්නතියට විශාල දායකත්වයක් දෙන්න පිළිවන්” ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

දේශීය කර්මාන්ත නගා සිටුවීමේ දී පළාත් අමාත්‍යාංශ, රේඛීය අමාත්‍යාංශ සමග මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ වැදගත්කමත්,  ක්ෂේත්‍රයට තරුණ පරපුර ආකර්ශණය කර ගැනීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට වෘත්තීය වටිනාකමක් ලබාදීම විෂයභාර අමාත්‍යාංශවල වගකීම බව  කියා සිටියේය.

“කෘෂිකාර්මික අගයක් නැති වගුරු බිම් වේවැල් වැනි කර්මාන්ත ක්ෂේත්‍රයේ වගාවන් සදහා  භාවිත කිරීමට පිළිවන. හඳුන්කූරු නිෂ්පාදනයට යොදා ගන්නා බම්බු කූරු ආනයනයට වාර්ෂිකව විශාල මුදලක් වැය කෙරේ. ඒවා අප රටේදීම නිෂ්පාදනය කිරීමෙන් පිටරටට ඇදීයන මුදල ඉතිරි කර ගැනීමට  මැදිහත්වන්නැයි ද” ජනාධිපතිතුමා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img