Sunday, November 15, 2026
HomeNEWSLatest Newsදේශීය රබර් වගාවට යහපත් වෙළඳ පොළක් සඳහා විශේෂ හමුවීම්

දේශීය රබර් වගාවට යහපත් වෙළඳ පොළක් සඳහා විශේෂ හමුවීම්

දේශීය රබර් වගා කරුවන්ට ස්ථාවර මිලක් ලබාගැනීම සහ වෙළදපොළ ස්ථායි කිරීම, සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කීරීමට ඇති හැකියාව පිළිබඳව, වැවිලි ක්ෂේත්‍රයේ අනෙකුත් වගාවන් සහ සංචාරක ව්‍යාපාරය ඉදිරියේ දී  නගාසිටුවීම පිළිබදවත් ඇතුළුව සාකච්ඡා කිරීම් සඳහා විශේෂ හමුවීම් කිහිපයක් වැවිලි අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ගරු වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සහ ඊයේ දෙදින (2020.සැප්තැම්බර් මස 08 සහ 09 වන දෙදින) තුළ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්, (Mr.Gopal Baglay) මැලේසියානු මහ කොමසාරිස් (Mr.Tan Yang Thai), මියන්මාර් තානාපති (Mr.Han Thu), ඉන්දුනීසියානු තානාපති (Mr.Guse Ngurah Ardiyas), නෙදර්ලන්ත තානාපතිනිය ( Mrs. Tanja Gonggrijp), වියට්නාම් තානාපතිනී(Ms. Pham Thi Bich Ngoc), බංග්ලාදේශ වැඩබලන මහ කොමසාරිස් (Mr. Mohammad Hazrat Ali Khan), තායිලන්ත තානාපතිනිය(Mrs. Chulamaee Chartsuwan)යන මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡා කෙරුණි.

එහිදී රබර් වගාව හා රබර් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව දේශීය වශයෙන් එම කර්මාන්ත කරුවන්ට සහ වැවිලි කරුවන් සඳහා වැඩි ආදායමක් ගෙනෙන වැඩපිළිවෙලවල් සහ දේශීය රබර් වගාව නැවතත් ඉහළ ආදායම් මාර්ග ගෙන දෙන තත්ත්වයට නගා සිටුවීම පිළිබඳවත් අමාත්‍යතුමා මෙහිදී එම මහත්ම මහත්මීන් සමග වැඩිදුරටත් සාකඩ්ඡා කෙරුණි.

මේ අවස්ථාවට වැවිලි අමාත්‍යාංශයේ සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ වැවිලි අමාත්‍යාංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ  මහතා ද සහභාගී විය.

මේ පිළිබඳ ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකොට මෙම මාධ්‍ය නිවේදනය ප්‍රචාරය කරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි.

මෙයට -විශ්වාසී

නාමලී මාකලන්දාව

ප්‍රවෘත්ති නිලධාරී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img