Tuesday, November 10, 2026
HomeNEWSනව දුම්රිය මැදිරි ගැන අලුත්ම අනාවරණයක්

නව දුම්රිය මැදිරි ගැන අලුත්ම අනාවරණයක්

2018 වසරේදී ඉන්දියාවෙන් නව දුම්රිය මැදිරි ඇනවුම් කර ඇත්තේ එලෙස නව දුම්රිය මැදිරි ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති අවස්ථාවක බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අනාවරණ කරයි.

ඔහු මේ බව කියාසිටියේ දුම්රිය මැදිරි ගැටලුව පිළිබඳ ‘අද දෙරණ’ සිදුකළ විශේෂ සොයාබැලීමකදීය.

ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කෙසේවෙතත් ඇනවුම් කළ දුම්රිය මැදිරි සියල්ල කඩිනමින් ධාවනය සඳහා යොදවන බවය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

“රුපියල් ලක්ෂ 500ක වගේ මුදලක් එක මැදිරියටක ගෙවලා තමයි ගෙනල්ලා තියෙන්නේ. අලුතෙන් ඇනවුම් කළ යුතුව තිබුණු එකක් නෙමෙයි මේක. අනවශ්‍ය වෙලාවක ඇනවුම් කළාද කියන පරීක්ෂණය ඇමතිතුමිය ඉදිරියට කරනවා. තවත් එන්න තියෙන මැදිරි නිවැරදි කරලාම එවන්න කියන දැනුම්දීම අපි කරලා තියෙන්නේ. අද කළ සාකච්ඡාවේදී අපි තීරණය කළා මහව දුම්රියට සම්පූර්ණයෙන් අලුත් මැදිරි යොදවන්න. යාපනය දෙවනි දුම්රියටත් සම්පූර්ණයෙන් අලුත් මැදිරි යොදවනවා.”

ඉන්දිය ණය වැඩපිළිවෙලක් යටතේ නව මගී දුම්රිය මැදිරි 160ක් ගෙන්වීම සඳහා ඉන්දියාව සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කෙරුණේ 2018 වසරේදීය.

එහි වියදම අමෙරිකානු ඩොලර් මිලියන 82.64කි.

ඇනවුම ප්‍රකාරව එම මැදිරි 160න් 120ක් 2021 වසර තුළ අවස්ථා කිහිපයකදී මෙරටට ගෙන එනු ලැබීය. 

දුම්රිය වෘත්තිය සමිති ඇතුළු පාර්ශ්ව රැසක් චෝදනා කළේ මෙම දුම්රිය මැදිරි ගෙන්වීම තුළ රුපියල් කෝටි ගණනක මහජන මුදල් නාස්තියක් සිදුවී ඇති බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඒ පිළිබඳ පසුගියදා බලධාරීන්ගෙන් විමසීමක් කර තිබුණි.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ, “අලුතෙන් ගෙනාපු මැදිරි 120 ධාවනයේ යොදවන්න. පරණ ඒවා අලුත්වැඩියා කරන්න දාන්න,” යනුවෙනි.

අද දෙරණ කළ සොයා බැලීමේදී නිරීක්ෂණය වූයේ දුම්රිය මැදිරි 50 කට වැඩි සංඛ්‍යාවක් දෙමටගොඩ දුම්රිය අංගනයේ ගාල්කර තිබෙන අයුරුය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ මෙම දුම්රිය මැදිරි මෙරටට ගෙන්වීමේදී නිසි පරීක්ෂාවක් පවා සිදුව නොමැති බවය.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා,

“ලබාදී ඇති සමහර දුම්රිය මැදිරිවල යම් ගැටලු තිබෙනවා. විදුලි පද්ධතියේ, ආසනවල ගැටලු තිබෙනවා.”  

මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ද අප විමසීමක් කළේය.

එහිදී අමාත්‍යවරිය සඳහන් කළේ, “යහපාලන ආණ්ඩුවෙන් තාක්ෂණික දෝෂ සහිතවයි ඒ ඇනවුම කළේ. ඒක තමයි තිබුණු ගැටලුව,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img