Wednesday, September 16, 2026
HomeNEWSLatest Newsනව පාර්ලිමේන්තුවේ සියලු තොරතුරු පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී ම ජනතාව වෙත ලබාදීමට කටයුතු...

නව පාර්ලිමේන්තුවේ සියලු තොරතුරු පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී ම ජනතාව වෙත ලබාදීමට කටයුතු කරනවා – පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක

මහ මැතිවරණයෙන් පසුව පිහිටුවන නව පාර්ලිමේන්තුවේ සියලු ක්‍රියාකාරකම් පිළිබද තොරතුරු පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී ම,  ජනතාව වෙත ලබාදීම සදහා ක්‍රමවේදයක් සකසන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඊට අමතරව පාර්ලිමේන්තු කාරක සභාවල තොරතුරු ඒ මොහොතේම ජනතාවට ලබාදීම සදහා ඉදිරියේදී කටයුතු කරන බව ද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුව පිළිබද මහජන විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීම සදහා එය හේතුවන බවද  මහලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කළ “පාර්ලිමේන්තු විත්ති”  පුවත් හසුන  එළිදැක්වීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කාරකසභා පරිශ්‍රයේදී  සහභාගීවෙමින් හෙතෙම මේ බව පැවසීය.

පාර්ලිමේන්තුවේ කටයුතු මහජනතාව වෙත රැගෙන යාම සදහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මකය.ජංගම සේවා ක්‍රියාත්මක කරමින් ඒ සදහා කටයුතු කිරීමට පියවර ගන්නා බවද මහලේකම්වරයා මෙහිදී පැහැදිලි කළේය.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය පසුගිය වසර 05 තුළදී ම රාජ්‍ය ආයතන අතර හොදම වෙබ් අඩවිය ලෙස සම්මාන ලැබූ බව සදහන් කළ මහලේකම්වරයා, එය තව දුරටත් සංවර්ධනය කිරීම සදහා කටයුතු කරන බවද පැවසීය.පාර්ලිමේන්තුවේ කටයුතු නිර්දේශපාලනිකව, සියයට සියයක් නිවැරදිව සිදු කිරීම ඉතා වැදගත් බවද ඔහු අවධාරණය කළේය. 

“පාර්ලිමේන්තු විත්ති”  පුවත් හසුන  එළිදැක්වීමේ අවස්ථාවට  පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල, සහකාර මහ ලේකම් (පරිපාලන) කුෂාණී රෝහණධීර , සහකාර මහ ලේකම් (ව්‍යවස්ථාදායක සේවා) ටිකිරි ජයතිලක යන මහත්ම මහත්මීහු , සහ පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීහු ඇතුළු  පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞදියේ – ජෙඩා කොන්සල් කාර්යාලයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස්

බටහිර කලාපයේ මතුවන තත්ත්වය නිසා, සෞදියේ - ජෙඩා කොන්සල් කාර්යාලය එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස් නිකුත් කරයි. අදාල පණිවුඩ ගැන අවධානයෙන් සිටින ලෙසත්...

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img