නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.
එහිදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු කෙටියෙන් මෙසේ දැක්වේ.
- ජනතා නියෝජිතයින් ජනතාවගේ අපේක්ෂාවන්ට ගරු කළ යුතුයි.
- ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙලේ සාර්ථකත්වය ජනවරමින් තහවුරු වුණා.
- පොරොන්දු වූ පරිදි පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම මෙම ජනවරමට හේතුවක්.
- ජනතා විශ්වාසය ආරක්ෂා කරගනිමින් ජනතාව වෙනුවෙන් සේවය කරනවා.
- නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙනවා.
- රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබාදෙනවා.
- සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරනවා.
- ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා.
- ඖෂධ ආනයනයේ දී පවතින දූෂණය තුරන් කරනවා.
- කිසිදු රජයේ ආයතනයකට අනවශ්‍ය පරිදි සේවකයින් බඳවා ගැනීමෙන් වළකිනවා.
- රැකියා වියුක්තිය විසඳීමට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ලබාදෙනවා
- කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම නතර කරනවා.
- විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කරමින් උසස් අධ්‍යාපනයට වැඩි අවස්ථාව සලසනවා.
- ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ දේශීයව නිෂ්පාදනය කරනවා.
- දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කරනවා.
- විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවේ සිදුකරන ධීවර කටයුතු නතර කරනවා.
- මුදල් බලතල රාජ්‍ය අමාත්‍යවරුන්ට ද ලබා දී තිබෙනවා.
- නාස්තිය හා දූෂණය සිදුකරන පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙනවා.
- රාජ්‍ය අමාත්‍යාංශවල ඉලක්ක සපුරාගැනීමේ ප්‍රමිතිය පසු විපරම් කරනවා
- එක රටක් එක නීතියක් යන සංකල්පයට මූලිකත්වය ලබා දෙනවා
- නව ව්‍යවස්ථාවක් තුළින් මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදු කරනවා
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා.
නවවන පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරිමේ අවස්ථාව සඳහා සහභාගීවිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා සහ ආර්යාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා පිළිගැනිම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිට දී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත උත්සවය ආරම්භ විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණිමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණිම සිදුවිය.
update: ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව හෙට (21) උදෑසන 9.30 දක්වා කල් තැබුණි.






















