Thursday, August 6, 2026
HomeNEWSනව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට යොදා ගත යුතුයි-...

නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට යොදා ගත යුතුයි- ජනපති

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන්

නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත්,
ජාතික ආර්ථිකය නංවාලීමටත් සෘජුව දායක කරගත යුතුයි

  • ජනපති

නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය පහසු සහ උසස් කිරීමටත්, ජාතික ආර්ථිකය නංවාලීමටත් සෘජුව දායක කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

පර්යේෂණ සහ සංවර්ධනය ලෝකයේ විශාලතම ආදායම් උපයන රාජ්‍ය බිහිවීමට ඉවහල් වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා ආකාරය වෙනස් වන්නේ පර්යේෂණ සහ සංවර්ධනය මගින් බවත්, අනාගත ලෝකය ජයග්‍රහණය කළ හැක්කේ එය නිසි ලෙස හඳුනාගන්නා අයට බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය මගින් 2026 වසරේදී ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (05) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීමට සහ ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබා දීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයට ලබාදිය හැකි දායකත්වය පිළිබඳවද විමසා බැලීය.

විවිධ අමාත්‍යාංශ යටතේ පවතින පර්යේෂණ අංශවලට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමේදී විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 14ක් විසින් දේශීය සහ විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කරනු ලැබ ඇති ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර, ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද අවධානය යොමු කෙරිණි. මෙහිදී මෙම ආයතනයේ පර්යේෂණාත්මක මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරෙන අලිවැට ඉදිකිරීමේ සහ අඩු වියදම් පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීමේ පර්යේෂණ ව්‍යාපෘතිවල ප්‍රගතියද සමාලෝචනයට ලක් කෙරිණි.

අමාත්‍යාංශය යටතේ පවතින විවිධ ආයතනවලින් සිදු කරන විද්‍යාත්මක සොයා ගැනීම් වාණිජ්‍යකරණයට අදාළව මතුව ඇති ගැටලු පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, එහිදී පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) වැනි ආයතනවලින් ලබා දිය හැකි දායකත්වයද විමසා බැලිණි.කෘෂිකර්ම අමාත්‍යාංශය ආදී විවිධ අමාත්‍යාංශ යටතේ සිදු කෙරෙන පර්යේෂණ ඒකාබද්ධ සම්බන්ධීකරණයකින් සිදු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රුහුණු විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කළ අතර ආයුර්වේද නිෂ්පාදන සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘතිවලදී මතුව ඇති ගැටලු සහ බාධක පිළිබඳවද මෙහිදී අවධානයට යොමු විය.

ජාතික විද්‍යා පදනම යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරුණු අතර, විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වෙමින් පර්යේෂණ සිදු කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව මතුව ඇති ගැටලු පිළිබඳවද සාකච්ඡා විය.

ජාතික විද්‍යා කොමිසම විසින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අදාළව ප්‍රතිපත්තියක් සකස් කර ඉදිරිපත් කරනු ලැබ ඇති බවත්, බුද්ධිමය දේපළ සම්බන්ධ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත් මෙහිදී සඳහන් කෙරිණි.

ආපදාවලට පෙර සූදානම් වීම සඳහා වන විද්‍යාත්මක මාර්ග සිතියමක් (Road Map) එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සහ බිම්ස්ටෙක් (BIMSTEC) රටවල් අතර තාක්ෂණ හුවමාරු වැඩසටහනක් සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය විය.

වනඅලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ආතර් සී. ක්ලාක් ආයතනය AI තාක්ෂණය භාවිත කරමින් හඳුන්වා දී ඇති තාප සංවේදී කැමරා පද්ධතිය සවි කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

Astro-Tourism වැනි ක්ෂේත්‍රයන් සහ ස්වභාවික ආපදා තත්ත්වයන්ට අදාළ පර්යේෂණ කටයුතු මෙන්ම කජු, වී, තේ ආදී කෘෂි ක්ෂේත්‍රයට අදාළව මේ වන විට සිදු කෙරෙමින් පවතින පර්යේෂණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් මහේෂ් ගම්මන්පිල යන මහත්වරුද, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-08-06

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට

නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට ලක්වෙයි; මුදාගැනීමට විශේෂ මෙහෙයුමක්: නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක.

හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

ප්‍රසාද ලකුණු 1354ක් ලබා පිරමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වියඑම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථමස්ථානයට පත්...

පානම සංචාරක පහසුකම් සඳහා මිලියන 10 ක ව්‍යාපෘතියක්

පානම සංචාරක පහසුකම් සඳහා මිලියන 10 ක ව්‍යාපෘතියකට මුල්ගල් තැබේ ​අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත....

දෙවනි පලස්තීනය කාශ්මීරයයි- නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ශිරාෂ් යුනුස්

ලෝකයේ දෙවෙනි පලස්තීනය ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තය බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ශිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරනවා.ඔහු මේ බව ප්‍රකාශ කළේ කාශ්මීරයේ සහයෝගිතාව වෙනුවෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img