Saturday, May 2, 2026
HomeNEWSLatest Newsනාකොටික් නඩුවට තවත් සැකකරුවෙක්

නාකොටික් නඩුවට තවත් සැකකරුවෙක්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද එම කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් 13 දෙනා තවදුරටත් ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

ඒ අතර, මෙහි පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නඩු කටයුත්තේ 14 වන සැකකරු ලෙස දැනට ඩුබායි හි වාසය කරන ප්‍රබල මත්ද්‍රව්‍ය මෙන්ම පාතාල සංවිධානාත්මක ජාවාරම්කරුවකු වන “උදාර සම්පත්” නැමැත්තා නම් කිරීමට ද අවසර ලබා දී තිබේ.

එම “උදාර සම්පත්“ නැමැති සැකකරු විදේශගත වී තිබෙන්නේ ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකයට ලබාගත් විදේශ ගමන් බලපත්‍රයකින් නොවන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් හෝ නීති විරෝධී මාර්ගයකින් ඔහු විදේශගත වන්නට ඇතැයි සැකකරන බවත් ඒ පිළිබඳව විමර්ශන පවත්වා ඉදිරියේ දී අධිකරණයට කරුණු වාර්තා කළ බවත් සඳහන් කර සිටියේය.

මෙම පැමිණිල්ල අද (31) කැඳවනු ලැබූ අවස්ථාවේ දී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 13 දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

මෙම පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත මෙම සැකකරුවන් විසින් ඉකුත් අප්‍රේල් මස මාතර සිට හික්කඩුව සහ කොළඹ ප්‍රදේශවලට ප්‍රවාහනය කළ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 130 අතුරින් කිලෝග්‍රෑම් 25ක් හික්කඩුව ප්‍රදේශයට බෙදා හැර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

හික්කඩුව ප්‍රදේශයට බෙදා හරින ලද හෙරොයින් කිලෝග්‍රෑම් 25 ක් අතුරින්  කිලෝග්‍රෑම්  ග්‍රෑම් 11ක් හික්කඩුව, කහව ප්‍රදේශයේදී “නීල්” නැමැති පුද්ගලයෙකු සන්තකයේ තිබී ඉකුත් ජූලි මස 24 වනදා අත්අඩංගුවට ගත් බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම පුද්ගලයා සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක්, පිස්තෝල දෙකක් සහ ජීව උණ්ඩ අඩංගු මැගසින් හතරක් සොයාගත් බව ද අධිකරණයට දන්වා සිටියේය.

එම ගිනි අවි හා උණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කළ ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරිය ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන වීමට ද අවසර ලබාදුන්නාය.

වැඩිදුරටත් අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක් එක් ප්‍රදේශවලට යොමු කරනු ලබන මත්ද්‍රව්‍ය තොග හඳුනාගැනීම සඳහා ඒවා විවිධ වර්ණවලින් යුත් ඇසුරුම් භාවිතා කර ඇති බවට මෙම විමර්ශනවලදී පළමු වතාවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img