Wednesday, November 11, 2026
HomeNEWSනාගලගම් වීදිය ජල පොම්පාගාරය ජනපතිගේ හා ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට...

නාගලගම් වීදිය ජල පොම්පාගාරය ජනපතිගේ හා ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට…

කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය (05) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. 

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස 2012 වසරේදී කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබීය. ඊට උප ව්‍යාපෘති 55ක් ඇතුළත් වන අතර නාගලම් වීදිය ජල පොම්පාගාරය එක් උප ව්‍යාපෘතියකි. 

කොළඹ නගරය වැසි ජලයෙන් යටවීම වැළැක්වීම, වියළි කාලයේ දී ඇළ මාර්ගවල ජලය අඩු වීම නිසා සිදුවන අපවිත්‍රතා මඟහැරවීම මෙම උප ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ. තත්පරයකට ජලය ඝණ මීටර් 30ක් කැලණි ගඟට මුදා හැරිය හැකි පොම්ප පහක් සහ තත්පරයකට ජලය ඝණ මීටර් 12ක් කැලණි ගඟෙන් ඇළ මාර්ගවලට රැගෙන ආ හැකි පොම්ප දෙකක් මෙහි සවිකර තිබේ. ස්වයංක්‍රීය දොරටු දෙකකින් සහ පාලක පද්ධතියක් ද මීට ඇතුළත්ය. 

සමස්ත ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 321ක් වැය කෙරෙන අතර ලෝක බැංකුව ඩොලර් මිලියන 213ක සහනදායී ණයක් ඊට සපයා තිබේ. ශ්‍රී ලංකා රජය ඊට ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 108කි. 

සමස්ත ඉදිකිරීම් ඉදිරි මාස කිහිපය තුළ නිම කළ හැකි බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා ඒ.එච්. තුෂාරි මහත්මිය ජනාධිපතිතුමා ඇතුළු පිරිසට  ප්‍රගතිය සමාලෝචනය කරමින් සඳහන් කළාය. 

මීට සමගාමීව තෝරාගත් ප්‍රදේශ කිහිපයක මාර්ග කිලෝමීටර් 47ක් සංවර්ධනය කෙරේ. විහාරමහා දේවී, කාක දූපත වෙරළ  සහ බැද්දගාන තෙත් බිම් යන උද්‍යාන වැඩිදියුණු කිරීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් ය.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ෂෙෆර් (Hartwig Schafer) ඇතුළු නියෝජිතයෝ, රාජ්‍ය අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා සහ මොහාන් පී. ද සිල්වා‍ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img