පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය.
ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස එම ඥාතිවරයා නාමල්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.
නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට නියමිතව තිබුණේ ඉරිදා රාත්‍රියේය.
නමුත් නාමල්ට හදිසියේම වෛරස් උණ වැලඳී තිබිණි.නාමල් වෛද්‍යවරයකු මුණ ගැසුණු අතර ඔහුගේ උපදෙස වූයේ දින තුනක්වත් විවේක ගන්නා ලෙසය.නාමල් මේ වනවිටත් ගුවන් ටිකට්පත් ලබාගෙන තිබූ අතර වහාම එක අවලංගු කර ගැනීමට නාමල්ට සිදු විය.
නමුත් පොරොන්දු වූ නිසාම හා එහිදී එක්සත් රාජධානියේ ජීවත්වන ජනතාව මුණ ගැසීමට කටයුතු යොදා තිබීම නිසා මේ බ්‍රහස්පතින්දාට නැවත ටිකට් පත් වෙන් කරවා ගැනීමට නාමල් කටයුත් කළේය.






















