නාමල් හා දයාසිරිට අවවාද සුගිය 05 වැනි දා තුන්මුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවැති එරන්ද ගිනිගේ අවතරණය කෘතිය එළිදැක්වීමේ උළෙලට සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය අසුනේ අසුන් ගැනීමට සැරසෙත්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහින්දට වාරු දුන්නේය. දයාසිරිගේ වාරුවෙන් අසුන්ගත් මහින්ද කොහොමද කොහොමද මට හම්බවෙන්න ඕන යනුවෙන් දයාසිරිට පැවසුවේ සිනාසෙමිනි. හරි සර් මම වෙලාවක එන්නම් කෝ සර්ව හම්බවෙන්න යනුවෙන් දයාසිරි සුපුරුදු සිනාව මුවගට නගා ගනිමින් පැවසීය. එහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ දීප්ති කුමාර ගුණරත්න ජනාධිපති අපේක්ෂකයෝ වෙන්න ඉන්න අය හොඳට මතක තියාගන්න ඕන මේ ගෝඨාභයට වෙච්ච වැඩේ. බලයට ගේන්න මහන්සි වෙච්ච උන්ම තමයි අන්තිමට එයාව අල්ලලා පොළොවේ ගැහුවේ. උන්ගෙන් පරිස්සම් වෙන්න ඕන. මොකද උන් දන්නේ නෑ මොකටද මේ දුවන්නේ කියලා. ඒ නිසා අනාගතයේදී ජනාධිපතිවරු වෙන්න ඉන්න අය බොහොම පරිස්සම් වෙන්න ඕන. දයාසිරි නාමල් පරිස්සම් වෙන්න ඕනේ ඔයාලව අරන් යන අය තමයි ඔයාලව අල්ලලා පොළොවේ ගහන්නේ යනුවෙන් දයාසිරි හා නාමල් දෙස බලා පැවසීය. සෙනඟ අතර අසුන්ගෙන සිටි නාමල්ද එහිදී සිනාසී ප්‍රතිචාර දැක්වීය.






















