Saturday, August 15, 2026
HomeNEWSඅවුරුදු 113ක ඉතිහාසය තුළ ලෝක බාලදක්ෂ සංගමයේ මහලේකම්වරයෙකු පැමිණීම ශ්‍රී ලංකාවට...

අවුරුදු 113ක ඉතිහාසය තුළ ලෝක බාලදක්ෂ සංගමයේ මහලේකම්වරයෙකු පැමිණීම ශ්‍රී ලංකාවට ආඩම්බරයක් – අමාත්‍ය විජිත හේරත්

*ප්‍රථම වතාවට කලාපීය බාලදක්ෂ සමුළුව ලංකාවේ පැවැත්වීමත් අවුරුදු 113ක ඉතිහාසය තුළ ලෝක බාලදක්ෂ සංගමයේ මහලේකම්වරයෙකු ලංකාවට පැමිණීමත් ශ්‍රී ලංකාවට ආඩම්බරයක් – අමාත්‍ය විජිත හේරත්, දකුණු ආසියානු ජාතික බාලදක්ෂ සංවිධාන සංගමයේ (SAANSO) ප්‍රධාන කොමසාරිස්වරුන්ගේ සමුළුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණා. ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම කලාපීය බාලදක්ෂ සමුළුව ලංකාවේ පැවැත්වීමට ලැබීමත් බාලදක්ෂ ව්‍යාපාරයේ අවුරුදු 113ක ඉතිහාසය තුළ ලෝක බාලදක්ෂ සංගමයේ මහලේකම්වරයෙකු ලංකාවට පැමිණීමත් සුවිශේෂී අවස්ථාවන් බව අමාත්‍යවරයා පවසා සිටියේය. මෙවර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමත් සමඟ දකුණු ආසියානු ජාතික බාලදක්ෂ සංවිධාන සංගමයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීම රටට විශාල ගෞරවයක් බවත් අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියා.මෙම අවස්ථාවට ලෝක බාලදක්ෂ සංගමයේ (WOSM) මහලේකම් David Berg මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා මහතා, ආසියා – පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ජේ. ආර්. සී. පන්ගිලිනන් මහතා ( Mr. J.T.C. Pangilinan), SAANSO සාමාජික රටවල ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කලාපීය බාලදක්ෂ ප්‍රධානීන්, ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කොමසාරිස්වරුන් රැසක් සහභාගී වී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය

නඩු ප්‍රමාණය වැඩිවීම නිසා ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධානඅභියෝගයක්- අධිකරණ ඇමතිි හර්ෂණ

• නඩු ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක්. • ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා...

ජනපති ප්‍රමුඛ මාලිමාව අධිකරණයේ ස්වාධීනත්වය සමූල ඝාතනය කරනවා- විපක්ෂ නායක සජිත්

ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාව ගරු අධිකරණයේ ස්වාධීනත්වය සමූළ ඝාතනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ගරු අධිකරනයේ ස්වාධීනත්වය සමූල ඝාතනයට ලක්...

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්… ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැහැ

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතට ඔබ්බෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිතව අද (15) අලුයම 03.28 රිච්ටර් මාපාංක 7.7 ක ප්‍රබල භූ කම්පනයක්. ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නැහැ:...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img