Tuesday, August 4, 2026
HomeNEWSනැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වසරේ දින 365 පුරාම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස, මෙතෙක් සංචාරක කර්මාන්තය සඳහා ඌණ උපයෝගීතාවයක පැවති ආරුගම්බේ ‘එලිෆන්ට් රොක්’ (Elephant Rock) පරිශ්‍රය සංචාරක ආකර්ෂණයට ලබා ගැනීම වෙනුවෙන් සංවිධානය කළ නිරීක්ෂණ චාරිකාවකට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, අම්පාර දිස්ත්‍රික් නායකත්වය සපයන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා හා රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.

​ආරුගම්බේ ප්‍රදේශය වසරේ එක් කාලසීමාවකදී සර්ෆින් (Surfing) ක්‍රීඩාව සඳහා පමණක් යොමු වූ ස්ථානයක් බවට පත් නොකර, දින 365ම ආවරණය වන පරිදි සමස්ත නැගෙනහිර පළාත පුරා විසිරී පවතින නව සංචාරක ගමනාන්තයක් ලෙස නැගෙනහිර ප්‍රදේශය දියුණු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය.

​දේශීය කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සහ ග්‍රාමීය ආයෝජකයින් සමඟම විදේශීය විශාල පරිමාණයේ අන්තර්ජාතික මට්ටමේ හෝටල් සමාගම් ද සම්බන්ධ කරගනිමින් මෙම ප්‍රදේශය තවත් සංවර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට පවතින හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

​එමෙන්ම මෙතෙක් කාලයක් අවම යටිතල පහසුකම් නොමැතිව එම ප්‍රදේශයේ සිටින සංචාරක කර්මාන්තයට ලැදි ප්‍රදේශවාසීන් විසින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සහ කටයුතු සිදුකරගෙන යන බව නිරීක්ෂණය වූ අතර, ඊට අදාළ මාර්ග, විදුලිය, ජලය හා සනීපාරක්ෂක ඇතුළු මූලික යටිතල පහසුකම් සපයා දීම රජයේ වගකීමක් වන බැවින් ඒ සඳහා පියවර ගැනීමට ද තීරණය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නඩු කටයුතු කඩිනම් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා සජබ අත්සන් තබයි

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළ යෝජනා ගැනීමට සමගි ජන බලවේගයෙ තේරීම් කාරක සභාවක් ඉල්ලයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු...

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද (04) සිදු කිරීමට නියමිතව තිබේ. ඒ, කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන්...

ආරුගම්බේ ‘සන්සෙට් වීව් පාර්ක්’ ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

​ ​ආරුගම්බේ 'සන්සෙට් වීව් පාර්ක්' ව්‍යාපෘතිය අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.. ​ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය සියලුම තොරතුරු සහ සේවාවන් එකම වහලක් යටින් ලබාදීමේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img