Thursday, April 16, 2026
HomeNEWSDevelopment - Economyනිදහසට කරුණු නොකියා රටට අවශ්‍ය දේ කරන්න කැපවෙනවා – මුදල් හා...

නිදහසට කරුණු නොකියා රටට අවශ්‍ය දේ කරන්න කැපවෙනවා – මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් වැඩ භාරගනිමින් කියයි

නිදහසට කරුණු නොකියා රටට අවශ්‍ය දේ කරන්න කැපවෙනවා –  මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් වැඩ භාරගනිමින් කියයි

හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා නව රජයේ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් අද (14) පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදී. මෙහිදී මාධ්‍ය අමතමින් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා පැවසුවේ නිදහසට කරුණු දැක්වීමකින් තොරව රටට අවශ්‍ය දෑ කිරීමට කැපවන බවයි. එසේම ශ්‍රී ලංකාව කිසිවිටෙක ණය පැහැර හැරීමක් සිදුකර නොමැති බවත්, ඒ තත්ත්වය දිගටම පවත්වා ගෙන යාමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

“පසුගිය අවරුදු 5 තුළ දී අපි දැක්කා රටේ ආර්ථීකයේ පිරිහීම. කොවිඩ්-19 හරහා තවදුරටත් පහරක් අපේ ආර්ථිකයට වැදුණා. අපේ දැන් තියෙන අරමුණ තමයි නැවත වරක් මේ ආර්ථිකය නැගිට්ටවීම. ඒත් එක්කම අපේ රටේ ආර්ථිකය කෙරෙහි විශ්වාසය ගොඩනැගීම. කොවිඩ්-19 හරහා සිදුවී තිබෙන ඒ අභියෝගයට මුහුණ දෙන්නට, පැහැදිලි ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම, ඒවා ඉක්මනින් සහ ඉතාමත් කාර්යක්ෂමව ක්‍රියාවේ යෙදීම, ඒත් සමඟම ලෝකයත් සමඟ සම්බන්ධ වෙලා, ඒ සමඟම අපේ රටේ ජාතිකත්වයත් ආරක්ෂා කර ගෙන ඉදිරියට යන එක තමයි අපිට තිබෙන මූලික අභියෝගය හැටියට මම දකින්නේ.“

“ඒ කටයුත්තේ නිරත වෙනකොට අපිට තියෙන්න ඕනේ යම් පදනමක්. ඒ පදනම තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම‘. ඒ වගේම පළමු වතාවට මේ රටේ සියලූම අමාත්‍යාංශවලට, සියලුම ඇමතිවරුන්ට, සියලුම රාජ්‍ය ඇමතිවරුන්ට ඉතාමත් පැහැදිලිව කාර්යභාරයන් වෙන්කරලා දීලා තිබෙනවා.  කාටවත් මෙකෙන් පැනලා යන්න බැහැ. මේකේ පැහැදිලව පෙන්නලා තියෙනවා අපි සියලු දෙනාම මනින්නේ මොන මිම්මෙන්ද කියලා. ඒ නිසා ඒ මිම්ම පැහැදිලියි. අපි හැමෝටම ඒ මිම්ම අනුව, ඒ කටයුතු අනුව කටයුතු කරන්න වෙනවා. ඒකට තමයි Outcome-base management කියලා කියන්නේ. ප්‍රතිඵල හරහා කරන කළමනාකරණය. ඉස්සර ඒ විදියට කටයුතු කෙරුවේ පෞද්ගලික ක්ෂේත්‍රය. අද රජයේ ක්ෂේත්‍රයත් ප්‍රතිඵල හරහා කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.“

“අපේ රටේ තියෙන්න ඕනේ ආර්ථික වර්ධනයක්. ඒත සමඟ සියලුම පළාත් ආවරණය වන ලෙස ඒ ආර්ථික වර්ධනය සිදුවෙන්න ඕනේ. අඩු ආදායම්ලාභීන් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ රටේ ඒක පුද්ගල ආදායම වැඩිකිරීමට කටයුතු කරන්නට ඕනේ. විරැකියාව අඩුකරන්නට ඕනේ. උද්දඹනය අඩු කරන්නට ඕනේ. මූල්‍ය ස්ථායිභාවය පවත්වාගෙන යන්නට ඕනේ. අයවැය හිඟය අඩුකරන්නට ඕනේ. පොලී අනුපාත අපි තියාගන්නට ඕනේ, ඉතාමත්ම තරඟකාරී මට්ටමකට. ස්ථාවර රුපියලක්. දේශීය නිෂ්පාදිනයට අපි අත දෙන්න ඕනේ. අඩුආදායම්ලාභීන් අපි සවිබල ගන්වන්න ඕනේ. ආයෝජන දිරිගන්වන්න ඕනේ. මේ සියලු දේවල් එක්නෙකට සමහර විට පරස්පර දේවල් වෙන්න පුළුවන්. එකක් කරද්දී අනෙකු එකට බලපෑම් ඇතිවෙනවා. ඒක තමයි අභියෝගය. ඒ බැලන්ස් එක කරන්න අපි සූදානම්. ඒ සමතුලිතතාවය අපි ලබා ගත්තේ නැත්නම් ඉදිරියට රට හරියාකාරව ගෙනියන්න බැහැ.“

“අපි ඉදිරියේ දී කරන්න බලාපොරොත්තු වෙන්නේ නිදහසට කරුණු කීම නෙමෙයි. අපේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ඉතාම පැහැදිලිව කියලා තියනෙවා, අපි මේ කටයුතුවලට යොමුවෙන්න ඕනේ. නිදහසට කරුණු කියන්නේ නැතිව රටට අවශ්‍ය වෙන දේවල් කරන්නට ඕනේ. අපි ඒ වෙනුවෙන් කැපවෙනවා.“

“කොව්ඩ් සඳහා අපට තිබෙන අභියෝගත් අපි ජයගන්න ඕනේ. කොවිඩ් කියන්නේ ලංකාවේ සිදුවෙච්ච දෙයක් නෙමෙයි. එය ලෝකයටම තිබෙන ප්‍රශ්නයක්. ඒ සඳහා ලෝකයක් වශයෙන් අපි විසඳුම් හොයන්න ඕනේ.“

“අපි ඉතාමත්ම පැහැදිලිව කියනවා, කිසිදු ප්‍රශ්නයක් තිබුණත් කිසිවිටෙක ලංකාව ණය පැහැර හැරලා නැහැ. ඒ තත්ත්වය දිගින් දිගටම පවත්නා ගෙන යන්න අපි කටයුතු කරනවා. ඒ සමගම අපි ලෝකයට කියනවා, අපිත් සමඟ ගනුදෙනු කරන්න කියලා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img