නියෝජ්‍ය කථානායකවරයෙක් පත්කිරීම අද (05) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග නියෝජ්‍ය කථානායක ධුරය පුරප්පාඩු වුණි.
ඒ අනුව අද දිනයේ නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කරගැනීම සඳහා ඊයේ (04) රැස් වූ පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාව පළ වී තිබේ.
මේ වන විට නියෝජ්‍ය කථානායක ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එකඟතාව පළ වී ඇති බව වාර්තා වේ.
විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් ද නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු නම් කිරීමට නියමිතව තිබේ.
අද පෙරවරුවේ රැස්වන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේසන් මහතා සඳහන් කළේය.
මේ අතර ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන පක්ෂ 11 විසින් ද නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ සිය පක්ෂවල නායකයින් අද පෙරවරුවේ රැස් වී ඒ සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගැනීමට නියමිත බවය.
අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව යළි රැස්වන අතර එහි දි රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතව තිබේ.






















