Thursday, April 16, 2026
HomeNEWSනිර්මාල්ටත් මරණ දඬුවම දිය යුතුයි- හිටපු මහජන ආරක්ෂක ඇමති සරත්

නිර්මාල්ටත් මරණ දඬුවම දිය යුතුයි- හිටපු මහජන ආරක්ෂක ඇමති සරත්

අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා ඝාතනය කිරීමට මතවාදය සකසමින් සමාජය තුළ වෛරය වැපිරීමට මූලිකත්වය ගත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට ද මරණ දඬුවම ලබාදිය යුතු බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. අමරකීර්ති ඝාතන නඩුව වසර තුනක් සියලුම සාක්ෂි, වෝහාරික තාක්ෂණය යොදවා දීර්ඝ නඩු විභාගයකින් පසු දඩුවම් ලබාදීම සිදුකර ඇති බව පැවසූ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මෙම මාධ්‍ය හමුවේදී මෙසේද කරුණු ඉදිරිපත් කළා. “ අතුකෝරළ මන්ත්‍රිතුමාගේ ඝාතන නඩුවෙන් පසු දොළොස් දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කළා උසාවියෙන්. මෙහිදි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරනවා මේ පිරිසට වහාම ජනාධිපති සමාව දියයුතුයි කියලා. මේ නඩුව වසර තුනක් තිස්සේ පැවැත්වූ නඩුවක්. සියලුම සාක්ෂි සඳහන් කර තිබෙනවා. ඒ වගේම වෝහාරික තාක්ෂණය යොදවා තිබෙනවා. දීර්ඝ නඩු විභාගයකින් තමයි මේ දඩුවම දිලා තිබෙන්නේ. අධිකරණයේ තීරණය වැරදි කියනවානම් නිර්මාල් දේවසිරි උසාවියට අපහාස කළා සේ ඔහුට අනිවාර්යයෙන්ම නඩු පවරන්න පුළුවන්. මරණීය දණ්ඩනයට නියම කරන විට අපි කවදාවත් සතුටුවෙන චිරස්ථීන මනසක් තිබෙන පිරිසක් නොවේ. මෙහිදි බැලිය යුත්තේ කෙසේද මේ අහිංසක අතුකෝරළ මන්ත්‍රිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව ඝාතනය කළේ කියලා. එදා නිට්ටඹුවේදි ඔවුන්ව රථයෙන් බස්සලා හොඳටම පහරදී ඝාතනය කර ඉන්පසු ප්‍රාණය නිරුද්ධ වූ සිරුරුවලට මහා පාරේ සිට පොලුමුගුරු වලින් ගහනවා අපි දැක තිබෙනවා. මේ වෛරය පතුරවා තිබෙන්නේ මහාචාර්ය නිර්මාල් දේවසිරි මහත්තයල . ඔහු දැනටත් ප්‍රකාශ කර සිටිනවා ජනතා නැගිටීම මම අනුමත කළා, තවමත් අනුමත කරනවා කියලා. එසේනම් මේ වෛරය වපුරපු , ඝාතනයට ඝෘජුව සම්බන්ධ වූ නිර්මාල් දේවසිරි මහතාටත් මරණිය දණ්ඩනය දිය යුතුයි. ජනතාව කුපිත කරලා, ජනතාවගේ මොළ සෝදලා වෛරයෙන් මේ වගේ දරුණු ඝාතනවලට සම්බන්ධ වෙච්ච නිර්මාල් වගේ පිරිසට විරුද්ධව නඩු දැමිය යුතුයි. ඔවුන් නීතියෙන් ගැලවුණත් කර්මයෙන් ගැලවෙන්න බැහැ බුදුදහම අනුව. ඒ වගේම ස්වභාධර්මය විසින් ඔවුන්ට නිසි දඩුවම යථාකාලයේදී දෙයි. ඒ වගේම අපේ රටේ ඉතිහාසයට අංශු මාත්‍රයක්වත් ගරු නොකරන පුද්ගලයෙක් තමයි ආචාර්ය නිර්මාල් දේවසිරි කියන්නේ. ඉතිහාසයෙන් තමයි දේශාභිමානය , දේශප්‍රේමීත්වය එන්නේ. එසේ දේශප්‍රේමීත්වයක් නැති ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්න පුළුවන් කියලා ජනතාව කුපිත කරවන සහ ඒ කුපිත කිරීම තුළින් මිනිස්සු මරවන, දේපළ ගිනි තියන තත්වයකට මිනිස්සු පොළඹවනවානම් ඒ වගේ කෙනෙක් කෙසේද විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් වන්නේ. ඒ වගේම මේ අරගලයක් ඇති වුණේ ඇයි? අරගලය ඇතිවුණේ තෙල් සහ ගෑස් නැති වූ නිසා. තෙල් සහ ගෑස් නැති වුණේ අපිට ඒවා මිලදී ගන්න විදේශ විනිමයක් නැතිවූ නිසා. විදේශ විනිමය නැති වුණේ සංචාරක කර්මාන්තය, විදේශ ප්‍රේෂණ , විදේශ ආයෝජන නොපැමිණීම නිසා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය බලයට පත්වී මාස කිහිපයකට පසු කොරෝනා ලෝක වසංගතය පැමිණීම නිසා අවුරුදු දෙකක් යනතුරු මේ කිසිදු ඩොලර් එකක් අපිට ලැබුණේ නැහැ. ඒ වගේම සංචිතයේ තිබෙන ඩොලර් ටිකත් එන්නත් සඳහා වියදම් වුණා. අපි ලෝකයෙන් පස්වෙනි තැනට පැමිණියා කොරෝනාවලින් ජිවිත බේරපු රට හැටියට. මේ වගේ දෙයක් ඕනෑම රජයකට වෙන්න පුළුවන් දෙයක්. නමුත් මේ සාමකාමීව ආරම්භ කළ අරගලයට සම්පූර්ණයෙන්ම ජේවිපි සහ නිර්මාල් වගේ පිරිස ඇතුල් වී රාජපක්ෂලා හොරු , 225 ම හොරු කියලා වෛරයෙන් ජනතාවගේ මොළ සේදුවා. ඒ නිසා තමයි අහිංසක මන්ත්‍රිවරයෙක් ලෙස කටයුතු කළ අතුකෝරළ මන්ත්‍රිතුමාව ඝාතනය කළේ. රාජපක්ෂලා හොරු කියලා තමයි මේ රජය බලයට පත්වුණේ සහ ජනතාව කුපිත කළේ. නමුත් දැන් රාජපක්ෂලා කළ සොරකම් අල්ලගත්තද? උගන්ඩාවල හැංගුවයි කියන මුදල් හෝ ගත්ත මුදල් කෝ? මේවා තමයි බොරු. බොරුවෙන් තමයි වෛරය වපුරලා මේ රජය පත්වුණේ. අද වෛරය වපුරපු පිරිස ආණ්ඩුවේ සිටිනවා. පාර්ලිමේන්තුව ගිනි තියන්න කියපු පුද්ගලයින් අද කැබිනට් මණ්ඩලයේ සිටිනවා. ඒ නිසා මේවගේ රජයක් බලයේ සිටියදි මේ වගේ තීරණයක් දුන්න ගරු අධිකරණයට අපේ ගෞරවය හිමිවිය යුතුයි. ගරු අධිකරණය ස්වාධීනව කටයුතු කරන බව මෙයින් තහවුරු වෙනවා. ඒ වගේම අරගලය අවස්ථාවේ බස් ගිනි තිබ්බා, මිනිස්සුන්ට පහර දුන්නා, ගෙවල් ගිනි තිබ්බා, දේපළ ගිනි තිබ්බා, බේර වැවේ අපේ පිරිස ගිල්ලුවා, මිනිස්සු මැරුවා. මේ වගේ දේවල් වන විට ඇයි නීතිය ක්‍රියාත්මක කළේ නැත්තේ. ඒ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වුණානම් අමරකීර්ති මන්ත්‍රිතුමා මැරෙන්නේ නැහැ. ඒ වගේම මේ දොළොස් දෙනාට මරණීය දණ්ඩණය හිමිවෙන්නෙත් නැහැ. එදා පොලිසියට වෙනම නියෝගයක් පැමිණ තිබුණා අවි ගබඩාවෙන් අවි නිකුත් කරන්න එපා කියලා. පොලිස් දෙපාර්තමේන්තුවේ පැහැදිලි නියෝගයක් තිබෙනවා ඕනෑම සංවිධානාත්මක කල්ලියක් සංවිධානය වී, දේපළ විනාශ කරනවාද? මිනිස්සු ඝාතනය කරනවාද? ඔවුන්ට වෙඩි තියලා එය පාලනය කරගන්න. එසේ පැහැදිලි නියෝගයක් තිබියදී මේ වගේ මිනිස්සු මරද්දි, දේපළ විනාශ කරද්දි එය කළේ නැත්තේ එය කරන්න එපා කියලා කවුරු හෝ නියෝගයක් ලබා දීලා තිබෙන නිසයි. එයත් මේ ඝාතනවලට සම්බන්ධයි. එසේ කවුරු හෝ නියෝගයක් ලබාදී තිබෙනවා නම් එයත් නීති විරෝධි නියෝගයක්, ඒ පිරිසට විරුද්ධවත් ක්‍රියාකරන්න අවශ්‍යයි. හරියාකාරව නීතිය ක්‍රියාත්මක කළා නම් අද වන විට අතුකෝරළ මන්ත්‍රිතුමා සහ ආරක්ෂක නිලධාරියා ජිවත්වී සිටිනවා. මේ සම්බන්ධයෙනුත් පූර්ණ විමර්ශනයක් කළ යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img