නිරෝධායන නීති කඩමින් පැවැත්වූ සාදය
නිරෝධායන නීති උල්ලංඝනය වන ආකාරයෙන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් මැදිරිගිරිය හෝටලයක සාදයක් පවත්වමින් සිටි තරුණයින් 39 දෙනකු සහ තරුණියන් 13 දෙනකු පොලීසිය විසින් අවවාදකර යළි මව්පියන් වෙත භාරදී තිබේ.
කෙසේවෙතත් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට අදාළව ඔවුන්ට ලබන අඟහරුවාදා අධිකරණයේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබේ.
මේ අතර සාදය අතරතුර ගංජා භාවිත කරමින් සිටි තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් හෙට (18) අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
මේ අතර, ඉඩම් ආරවුලක් හේතුවෙන් හික්කඩුව නගර සභාවේ සභාපති විනී කාරියවසම් මහතා සහ එම නගර සභාවේම නාගරික මන්ත්‍රී ආරාධනා ලාල් මහතා අතර ගැටුමක් ඇතිවී තිබේ.
එම සිද්ධිය අසල සිටි අයෙකු දුරකථනයකින් රූගත කර තිබුණි.






















