Thursday, August 20, 2026
HomeNEWSනිලන්තට මරණ දඬුවම දෙන්න කියපු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාට එරෙහිව වතිකානයට පැමිණිල්ලක්

නිලන්තට මරණ දඬුවම දෙන්න කියපු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාට එරෙහිව වතිකානයට පැමිණිල්ලක්

අද දින නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමන ධම්ම නායක ස්වාමින් වහන්සේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා ,විදේශ කටයුතු නියෝජ්‍ය ලේකම් විදුර අල්ගම මහතා හා මුල්‍ය කටයුතු ලේකම් දිනුෂ්ක ගුණසේකර මහතා ශුද්ධාසනයේ තනාපති කාර්යාලය සඳහා ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා විසින් සිදු කල වගකීම් විරහිත මරණ දඩුවම ලබා දීමේ ප්‍රකාශය සම්බන්ධව නිසි විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ලිපියක් බාර දෙන ලදී. එහිදි අදහස් දැක් වු පූජ්‍ය වැල්ලම්පිටිය සුමන ධම්ම නායක ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශ කර සිටියේ පසුගිය ජුලි මස 20 වන දින ලංකා කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා විසින් මරණ දඩුවම අරබයා කරන ලද ප්‍රකාශය හේතුකොට ගෙන සමස්ත කතෝලික ජනතාවම අප්‍රසාදයට ලක් වී ඇති බවය. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකීම් විරහිත ප්‍රකාශය පාදක කරගෙන නිලන්ත ජයවර්ධන එල්ලා මැරිය යුතු බව ප්‍රකාශ කිරීම දැඩි සේ හෙලා දකින බවය. සාමාන්‍යෙයන් අපි දන්නා පරිදි වතිකානුවේ හා ලෝක කතෝලික සභාවේ හා අතිඋතුම් පාප් වහන්සේ මරණ දඩුවම ප්‍රතික්ශේප කරලා තියෙනවා. විශේෂයෙන්ම බයිබලයට ,දස පනතට , කිතුනුදහමට දනුව මරණ දණ්ඩනය පටහැනියි. සාමයේ සංකේතය වු ජෙසුස් වහන්සේගේ දහම දේශනා කරන අයෙකු විදිහට එතුමාගේ දර්ශනය වනුයේ මිතුරාට ද සතුරාටද ප්‍රේම කරන ලෙසය. ඒ අනුව මෙවැනි කරුණක් ප්‍රකාශ කරන්නේ ඔහු කෙසේද යන්න අපිට ගැටළුවක් පවතිනවා. 2017 ලංකා කතෝලික සභාව මරණ දණ්ඩනය නිල වශයෙන් ප්‍රතික්ශේප කර තියෙනවා. මෙම ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ලංකා කතෝලික සභාවට හා ලෝක කතෝලික සභාවට පටහැනිව මෙම ප්‍රකාශය සිදු කරලා තියෙන්නේ. ලංකා කතෝලික සභාවේ නිවේදනයෙන් ප්‍රකාශ කර සිටියේ මිනිසාට ජීවිතය ලබා දෙන්නේ දෙවියන් වහන්සේ නිසා මිනාසාගේ මරණය තීරණය කිරීමට බාහිර පාර්ශවයටකට අවසරයක් නැති බවය. එසේ තිබියදි ජූඩ් ක්‍රිශාන්ත පියතුමාගේ ක්‍රියා කලාපය නිසා සමස්ත කතෝලික ජනතාව දැඩි අප්‍රසාදයට පත් වෙලා තියෙන්නේ. අපි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක් කලා මේ පිලිබඳ විනය ක්‍රියා මාර්ග ගෙන ඔහු තනතුරෙන් නෙරපා හැරලා කතෝලික ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කරලා ඔහුගේ පූජකත්වය ඉවත් කරන්න කියලා. අපි සතියක් යනතුරු මේ පිළිබද ක්‍රියා මාර්ගයක් ගනීද කියලා බලා සිටියා. කිසිදු ක්‍රියා මාර්ගයක් ඒ වෙනුවෙන් නොගත් නිසා අද දින පාප් තුමන්ට ඒ පිලිබඳව අප විසින් පැමිණිලි කරන්න යෙදුනේ.මෙවැනි වෛරීය අදහස් පතුරවන වහසි බස් ප්‍රකාශ කරන ජූඩ් ක්‍රිශාන්ත පියතුමා පිළිබඳව නිසි විනය ක්‍රියාමාර්ග ගෙන ඔහු පුජක තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය වියනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ලංකාවේ කාදිනල් හිමාපාණන්ට නියෝග කරන ලෙස ඉල්ලා අද දින අති උතුම් පාප් වහන්සේට ලිපියක් බාර දීම සිදු කරන ලදී. මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන පමණක් නෙමේ වැරදි. ඔහු අවස්ථා 330 ක දී බුද්ධි තොරතුරු ලබා දී තියෙනවා. මෙලෙස බුද්ධි තොරතුරු ලබා දුන් වෙනත් නිලදාරියෙක් නැ. මෙලෙස ලබා දුන් බුද්ධී තොරතුරු ඔස්සේ ගොස් පරීක්ෂණ කර අත්අඩංගුවට ගැනීම සිදු කල යුත්තේ එවකට සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක රවි සෙනවිරත්න විසින් සිදු කල යුතු කාරණාවක්. අද මහජන පොලිස් ලේකම් රවි සේනවිරත්න මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතායි යන දෙදෙනාම එවකට සිටියේ රහස් පොලිසියේය (CID) . ප්‍රහාරය එල්ල වෙන්නේ කවදාද? කොහොදිද? ඒ සඳහා පැමිණෙන්නේ කොයි වගේ පිරිසක්ද? යනාදි නිවැරදි සියලු තොරතුරු ලබා දුන් නිලන්ත ජයවර්දනට මරණ දඩුවම දෙන්න ප්‍රකාශ කරද්දි ලබා දුන් තොරතුරු අධ්‍යයනය නොකල රවි සෙනවිරත්නට හා ශානි අබේසේකරට තනතුරු වරදාන වරප්‍රසාද ලබා දෙන්න තීරණය කරනවා. එය කොතරම් සහසිජනක කාරණාවක් ද? එමනිසා පෝරකයට යවන තීරණය කල යුත්තේ උසාවිය මිස කතෝලික සභාව හෝ කතෝලික පල්ලිය නොවන බව ප්‍රකාශ කර සිටිනවා. අපිත් බලා සිටින්නේ සාධාරණ පරීක්ෂණයකින් උසාවියෙන් සාධාරණයක් ඉටු වේ කියා. වගකීම් විරහිත බාවය අනුව නිලන්ත ජයවර්ධනට දඩුවම් දී තිබෙන පරිදි රවි සෙනවිරත්නට හා ශානි අබේසේකර ඇතුළු එම කාල සීමාවේ සියලු නිළධාරින්ට ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img