Saturday, May 2, 2026
HomeNEWSනිවැසියන් නිරෝධායනයට යවා සිටියදී නිවසට සොරුන් පනී - CCTV දර්ශන සහිතයි

නිවැසියන් නිරෝධායනයට යවා සිටියදී නිවසට සොරුන් පනී – CCTV දර්ශන සහිතයි

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායනය සඳහා මධ්‍යස්ථානයක් වෙන යොමුකර සිටි පවුලකට අයත් නිවසකට සොරුන් ඇතුළු වී එහි තිබූ උපකරණ කිහිපයක් ගෙනයෑමේ පුවතක් වාර්තා වේ.

ඒ, මිනුවන්ගොඩ හොරන්පැල්ල ගාලකඩේ ප්‍රදේශයෙනි.

නිවසේ සවිකර තිබූ CCTV කැමරාවල සොරුන් කිහිපදෙනෙක් නිවසට ඇතුළුවන ආකාරය පටිගත වී තිබූ අතර පසුව ඔවුන් CCTV කැමරාවලට හානිකර ඒවා ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කර තිබුණි.

මෙලෙස රාත්‍රී කාලයේ නිවෙස වෙත ඇතුළු වූ සොරුන් නිවසේ තිබූ ගෘහ භාණ්ඩ ඇතුළු විදුලි උපකරණ රැගෙන ගොස් තිබේ.

මෙම නිවසේ පදිංචිකරුවන් ගම්පහ ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img