නීත්‍යානූකූලව ඡන්ද ගණන් කළේ නම් මම දිනුම් – ඩොනල්ඩ් ට්‍රම්ප්
නීත්‍යානූකූලව ඡන්ද ගණන් කළේ නම්, තමා ජනාධිපතිවරණය පහසුවෙන් ජයගන්නා බව රිපබ්ලිකන් අපේක්ෂක, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ මැතිවරණ වංචාවක් තුළින් තමන්ගේ ජයග්‍රහණය පැහැරගැනීමට උත්සාහ ගන්නා බවය.
මේ අතර අමෙරිකානු ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණන්කිරීම තවදුරටත් සිදුකෙරෙමින් තිබේ.
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින්නේ ඩිමොක්‍රටික් අපේක්ෂ ජෝ බයිඩන් ය.
ඡන්ද විද්‍යාල 264 ක බලය ලබාගනමින් ඔහු ඉදිරියෙන් පසුවන අතර ජනාධිපති ට්‍රම්ප්ට හිමිව ඇත්තේ “ඡන්ද විද්‍යාල” 214 ක බලය පමණි.
කෙසේවෙතත් පෙන්සිල්වේනියා, උතුරු කැරොලිනා, ජෝර්ජියා, නෙවාඩා සහ ඇලස්කා යන ප්‍රාන්ත වල ප්‍රතිඵල නිකුත්වීමට නියමිතව තිබේ.
කෙසේවෙතත් නෙවාඩා ප්‍රාන්තයේ මේ වනවිට ඉදිරියෙන් සිටින ජෝ බයිඩන් එම ප්‍රාන්තය ජයගතහොත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ඡන්ද විද්‍යාල 270 සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට ඔහු සමත් වේ.






















