නීතිවිරෝධී ලෙස ගෙන ආ කහ තොගයක්
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ 902 කට අධික තොගයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.
ඊයේ (02) මන්නාරම තාල්පාඩු වෙරළ තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම කහ තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම තාල්පාඩු වෙරළ තීරයට පැමිණි සැක සහිත ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී මෙම කහ තොගය ගෝනි මලු 19 ක අසුරා තිබීය දී සොයාගෙන ඇත.
ඒ අනුව, අදාල ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙක් සහ ඩිංගි යාත්‍රාවද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම සැකකරුවන් අවුරුදු 22 ක් සහ 48 ක් වන මන්නාරම, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
නාවික හමුදා බාරයට ගත් කහ තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.






















