Monday, July 27, 2026
HomeNEWSනුවරඑළියේ සිර වී සිටි විදේශ සංචාරකයින් ඇමති විජිතගේ මැදිහත්වීමෙන් ගුවනින් කොළඹට

නුවරඑළියේ සිර වී සිටි විදේශ සංචාරකයින් ඇමති විජිතගේ මැදිහත්වීමෙන් ගුවනින් කොළඹට

නුවරඑළිය ප්‍රදේශයේ සිර වී සිටි විදේශ සංචාරකයින් සංචාරක ඇමති විජිත හේරත් මැදිහත් වී ගුවනින් කොළඹට ගෙන්වයි.*පැවැති දැඩි කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය, රම්බොඩ ප්‍රදේශයේ අතරමංව සිටි විදේශ සංචාරකයින් ගලවා ගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සාර්ථකව සිදු කළේය.මෙම මෙහෙයුම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත මහතාගේ සෘජු අණ යටතේ සිදු කරන ලදී. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ සහයෝගය සහ සම්බන්ධීකරණය හේතුවෙන් මෙම මෙහෙයුම කඩිනමින් සහ සාර්ථකව සිදු කිරීමට හැකි විය.මෙලෙස බේරාගත් කණ්ඩායම තුළ ජර්මානු ජාතික සංචාරකයින් 02ක්, දකුණු අප්‍රිකානු සංචාරකයින් 04ක්, බ්‍රිතාන්‍ය සංචාරකයන් 02ක්, ඉන්දියානු සංචාරකයන් 11ක් සහ ස්ලෝවේනියානු සංචාරකයන් 02ක් ඇතුළත් වූ අතර, ඔවුන් පස්වරුව වන විට හෙලිකොප්ටර් මගින් කොළඹ වරාය නගරයට ආරක්ෂිතව රැගෙන එන ලදී.මෙම ගලවා ගැනීම මෙහෙයුම්, ශ්‍රී ලංකාව තම සංචාරකයන්ගේ රැකවරණය සහ ආරක්ෂාවට දක්වන ප්‍රමුඛතාව නිරූපණය කරයි. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ ශක්තිය ද පිළිබිඹු කරන අතර, සංචාරකයන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ යහපැවැත්ම අපගේ ඉහළම ප්‍රමුඛතා ලෙස පවතී.Media Statement 2025.11.30Video- https://drive.google.com/drive/folders/1uk2DAmzsITYaDjKxc4Npx92mWXki01Lf?usp=sharingSri Lanka Tourism, together with the Sri Lanka Air Force, successfully carried out a rescue mission to assist international tourists stranded in the Nuwara Eliya area due to severe weather conditions.This operation was conducted under the direct supervision of Hon. Vijitha Herath, Minister of Foreign Affairs, Foreign Employment and Tourism, and the direct command of Mr. Sampath Tuyyakontha, Secretary of Defence. With the fullest support and cooperation of the Ministry of Defence and the Sri Lanka Air Force, the mission was executed swiftly and effectively.The rescued group included 2 German nationals, 4 South Africans, 2 British citizens, 11 Indians, and 2 Slovenians, who were safely airlifted by helicopters to Colombo Port City in the afternoon.This rescue stands as a clear demonstration of Sri Lanka’s unwavering commitment to safeguarding and protecting its visitors, as promised. It also reflects the strength of Sri Lanka’s tourism sector, where the safety, care, and well-being of guests remain our highest priority.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමත් සමඟ බොරතෙල් මිල පහළට

ඇමරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමත් සමඟ බ්‍රහස්පතින්දා (23) ඩොලර් 100 ඉක්මවා ගිය බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 92 දක්වාත්, ඩොලර් 93 ඉක්මවා තිබූ...

ශාසනාරක්ෂක සංඝ සභාවෙන් ජූලි 27 සංඝ සමුළුවක්

වර්තමානයේ මෙරට පවතින ජාතික, ආගමික හා දේශපාලනික වාතාවරණය හමුවේ සම්බුද්ධ ශාසනයේ සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත මහ සංඝරත්නය සංවිධානාත්මකව සක්‍රිය ලෙස පෙරමුණ...

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි

විරෝධතාකරුවන් සමඟ 03 වන වටයේ සාක්ච්ඡාවලට පෙර, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි: ඉන්දීය මාධ්‍ය.

මාලිමා මන්ත්‍රී අසිතට දිනන දකුණෙනුත් අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගය හැකිනම් භාරගෙන පෙන්වන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහාශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img