Sunday, November 15, 2026
HomeNEWSLatest Newsනොවිසඳුනු ජාතික ලැයිස්තු

නොවිසඳුනු ජාතික ලැයිස්තු

නොවිසඳුනු ජාතික ලැයිස්තු

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව ලබාදීමට එම සන්ධානයේ අනෙකුත් පක්ෂ තීරණය කර තිබේ.

මේ පිළිබඳ ව තීරණය කිරීම සඳහා සමගි ජන බලවේගය අද (11) පැවත්වූ හමුවකින් අනතුරුව එම පක්ෂ නායකයින් මේ බව සඳහන් කළේය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය සිය පක්ෂවල ජාතික ලැයිස්තු වලට නම් කර ඇති නියෝජිතයින්ගේ නම් මේ වන විට මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙලෙස ගැසට් කර ඇත.

නමුත් මෙතෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් නොකළ එක්සත් ජාතික පක්ෂය හෙට (12) දිනයේ රැස්වී මේ පිලිබඳව තීරණය කිරීමට නියමිත අතර ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් හෙට දිනයේදී දැනුවත් කරන බව නායක අනුර කුමාර දිසානායක මහතා “අද දෙරණට” සඳහන් කළේය.

මේ අතර, අපේ ජන බල පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබේ.

එම පක්ෂයේ ලේකම්වරු දෙදෙනෙකු විසින් මන්ත්‍රී ධුරය සඳහා නම් දෙකක් ඉදිරිපත් කිරීම නිසා පවතින නීතිමය තත්ත්වය අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු එම කිසිඳු නමක් හෝ ගැසට් නොකරණ බව මැතිවරණ කොමිසම අද නිවේදනය කළේය.

අදාළ නිවේදනය පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img