පඹයෝ කියමින් නිමල් ලන්සා සජිත්ගේ පිරිසට බැන වදි.
පාර්ලිමේන්තුවේ දී ඊයේ ඇති වූ උණුසුම් තත්වයක් හමුවේ මහමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්ට බැන වැදී තිබේ .රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සජිත් පේමදාස මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සිටින අවස්ථාවේදී සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය දක්වමින් ඊට බාධා කළ නිසා ඊට ප්‍රතිචාර දක්වමින් නිමල් ලංසා මහතා සජිත්ගේ මන්ත්‍රීවරුන් ට පඹයෝ කට වහගෙන ඉන්න කියා තදින් බැණ වැදී ඇති බව ද වාර්තා වේ.






















